தமிழ்
English
Contact
Sunday 5th May 2019    
විදෙස් එන්.ජී.ඕ.18කට පකිස්ථානයෙන් තහනමක් | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

විදෙස් එන්.ජී.ඕ.18කට පකිස්ථානයෙන් තහනමක්



පකිස්ථානයේ කටයුතු කරන විවිධ රාජ්‍ය නොවන සංවිධාන 18කට වහාම සිය මෙහෙයුම් කටයුතු නවතා දමා පිටව යන ලෙස එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා නියෝගකර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

පකිස්ථානය තුල ක්‍රියාත්මක වෙමින් එරට අභ්‍යන්තර කටයුතු පිළිබදව තොරතුරු එක්රැස්කර ඇති බවට චෝදනා එල්ලකරමින් මෙම රාජ්‍ය නොවන සංවිධාන 18 වෙත මෙම වාරණය පනවා ඇති බව වාර්තාවේ.

පකිස්ථානයේ වසර කිහිපයක සිට කටයුතු කරන මෙම රාජ්‍ය නොව සංවිධාන සිය කාර්ය්‍යභාරය ලෙස එරට ද්‍රරිද්‍රතාවය හා අධ්‍යාපනික හා මහජන සෞඛ්‍ය අංශවල හා මානව හිමිකමි සම්බන්ධයෙන් කටයුතුවල නිරතව ඇති බව වාර්තාවේ.

කෙසේ වෙතත් මෙම නියෝගය පිළිබදව වැඩිදුර අදහස් දක්වා නැති එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශ ඇක්ෂන් ඒඩ් සංවිධානය ඇතුලූ තවත් එන්.ජී.ඕ. 17කට මෙම නිවේදන ලබාදී ඇති බව වාර්තාවේ.




Related News