தமிழ்
English
Contact
Friday 3rd May 2019    
විදෙස් බලපෑම් එපා, අපේ ප්‍රශ්න අපි බලාගන්නම් - මැල්කම් රංජිත් හිමි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

විදෙස් බලපෑම් එපා, අපේ ප්‍රශ්න අපි බලාගන්නම් – මැල්කම් රංජිත් හිමි



මෙරට ආගමික සහ ජාතීන් අතර සහජීවනය සම්බන්ධයෙන් අර්බුද පවතිනවා නම් ඒවා සඳහා විසඳුම් සොයාගැනීම ආගම් තුළ ඇති ආධ්‍යාත්මික මඟ පෙන්වීම් තුළින් කළ හැකි බවත්, ඒ සඳහා කිසිසේත්ම විදේශීය අතපෙවීම් අනවශ්‍ය බවත් කොළඹ අගරදගුරු  මැල්කම්  රංජිත් හිමි පවසා තිබේ.

අන්තවාදී රටක් ලෙස සිතා ශ්‍රී ලංකාවට අස්ථානගත චෝදනා එල්ල කරමින් හංවඩු ගසන බටහිර රටවල් ඇතුළු ලෝකයා සිදු කරනුයේ එකී රටවල නිෂ්පාදිත අවි ආයුධ විකුණමින් ඔවුන්ගේ මූල්‍ය ශක්තිය තව තවත් වැඩි කර ගැනීම විනා අන් කිසිවක් නොවන බවත් පවසන උන්වහන්සේ විදේශීය රටවලට අවධාරණය කරනුයේ මෙරට තත්ත්වය තවදුරටත් අවුල් නොකර තම තමන්ගේ වැඩක් බලාගන්නා ලෙසට බව සඳහන් කර ඇත.

බානගල උපතිස්ස හිමියන්ගේ චරිතාපදානය එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමින් කාදිනල්වරයා මේ බව පවසා තිබේ.

කාදිනල්වරයා මෙලෙස පැවසුවද අපේ රටේ සියලු දේශපාලන න්‍යාය පත්‍ර, රාජ්‍ය ප්‍රතිපත්ති සැකසෙන්නේ මෙම විදේශ බලපෑම් මත බව නොදන්නෙක් නැත. ඔහු මෙලෙස පවසන්නේ යුධ අපරාධ විමර්ශනය් නොකිරීම සම්බන්ධයෙන් ජිනීවා මානව හිමිකම් සමුළුව නැවතත් යෝජනා ගෙන ඒමට සූදානම් වීම සම්බන්ධයෙන් විය යුතුය. මිට පෙර යුධ අපරාධ විමර්ශනය කොට අවශ්‍ය පියවර ගන්නා ලෙසට වූ ජිනීවා යෝජනා කිසිදු රජයක් හරියාකාරව ක්‍රියාත්මක නොකරන ලදී. විදේශ අතපෙවීම් යනුවෙන් සඳහන් කරමින් ඒවා බැහැර කරන ලද්දේ දේශීයව හෝ පරීක්ෂණයක් නොකරමිනි.