Posted on 07.28.2020 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
මැදපෙරදිග සේවය කරන ලාංකිකයන් තමන් ලංකාවට ගෙන්වා ගන්නා ලෙස ඉදිරිපත් කළ ලිඛිත පැමිණිලි නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය විසින් අද (ජූලි 28) විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයාට බාර දීම සිදුකරනු ලැබීය. ඒ අතරම ජෝර්දානයේ කම්හලක සේවය කළ, රැකියා අහිමි කරන ලද ලාංකික ශ්‍රමිකයන් පිරිසකට ඒරට ලංකාවේ තානාපති කාර්යාලයේ ඉල්ලීම මත එරට පොලිසිය විසින් ඒල්ල කරන ලද තිරිසන් ප්‍රහාරය සම්බන්ධයෙන්ද පෙරටුගාමී සමජවාදී පක්ෂය සහ නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය අද කම්කරු අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත කරුණු ඉදිරිපත් කරනු ලැබ තිබුණි.
එහිදී අදහස් දැක්වූ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පැවසුවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ කම්කරුවන් භාර නිලධාරියා ළඟ සිටියදී මෙම පහරදීම සිදුකර ඇති බවයි. එසේම මෙම පැමිණිලි බාරදීමෙන් පමණක් මේ ප්රශ්නය විසඳීමට නොහැකි බවත් ගැටලුවලට මුහුණ දී සිටින ශ්‍රමිකයන් සම්බන්ධයෙන් අනිවාර්යයෙන් රජය මැදිහත් විය යුතු බවද ඔහු පැවසිය.
එසේම නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරයේ ජාතික සංවිධායිකා හේමමාලි අබේරත්න පැවසුවේ මේ මොහොතේ ජෝර්දානයේ කැමල්වේගා ටෙක්ස්ටයිල් ආයතනයේ ශ්‍රමික කාන්තාවන් ජීවිත අවධානමකට මුහුණ දෙමින් සිටින බවයි. එම ශ්‍රමික කාන්තාවන් කලබලකාරී ලෙස හැසුරුණු නිසා පහරදුන් බව කමල් රන්දෙනිය පැවසීම හරහා අපේ රටේ පාලකයන්ගේ වගකීම්සහගත භාවය කොතෙක්ද යන්න පැහැදිලිවන බවද ඇය පවසයි. මෙම ප්රශ්නය විසඳීම වෙනුවෙන් සියලු මැදිහත්වීම් කිරීමට සූදානමින් බවද ඇය වැඩිදුරටත් පැවසීය.