Posted on 11.29.2020 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
වසංගත සමයේ මෙරට පැමිණීමට ඉල්ලූ විදේශගත ලාංකිකයන් දහස් ගණනකගේ අයිතිය අහිමිකර තිබියදී ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය, සෞදි අරාබියේ රැකියා සඳහා ශ්‍රමිකයින් යැවීම යළි ආරම්භ කරයි.
සෞදි අරාබිය වෙත නැවත ශ්‍රමිකයන් යැවීම ආරම්භ කරමින් අද (28) අලුයම ශ්‍රී ලාංකික පිරිමි ශ්‍රමිකයන් 60 දෙනෙක් සවුදි අරාබිය බලා පිටත්ව ගියහ.
කොරෝනා වසංගත සමය උදාවන විට රැකියා කොන්ත්‍රාත් කාලය අවසන්වීම, රැකියා ස්ථාවනවල හිරිහැර නිසා පළායාම, රෝගීවීම වැනි හේතු මත රැකියා අහිමිවූවන් මෙන්ම නීත්‍යනුකූලව මෙරටට පැමිණීමට හැකි දහස් ගණනක් මාර්තු මසදී තම දුෂ්කරතා ආණ්ඩුව වෙත දන්වා ඉල්ලීමක් කරන ලදී,මේ වනවිට සෞදි අරාබිය ඇතුළු විදේශයන්හි කොරෝනා රෝගයෙන් මිය ගිය
සංඛ්‍යාවද 100 ඉක්මවා ඇත.
කෙසේ වෙතත් වසංගත සමයේ ගුවන් ගමන් නවතා දැමීම නිසා ඔවුන් මෙරටට ගෙන්වා ගැනීමට නොහැකි බවද වසංගත සමයේ නිරෝධායන පහසුකම් සීමිතවීම හේතුවෙන් ගෙන්වා ගත නොහැකි බවද පවසමින් ආණ්ඩුව පසුග්ය මාස 10 කට ආසන්න කාලයක් ඒ ලාංකිකයන් නොසළකා හැර තිබිණි. එසේම එම කාලය තුළ සෞදි ආරාබිය විදේශ ශ්‍රමිකයන් සියරටට ගෙන්වා ගැනීම නවත්වා තිබිණි. පසුගිය දිනවල සෞදි අරාබිය විදෙශ ශ්‍රමිකයන් ගෙන්වා ගැනීම ආරම්භ කරණ ලදී.
මේ අතර, විදේශයන්හි රැකියා කරන ශ්‍රමිකයන්ට වැටිපු නොගෙවීම, ශාරීරික හා මානසික හිරිහැර, අයිතිවාසිකම් කඩකිරීම වැනි සිදුවීම්වලට අදාළව වගකීම භාර නොගැනීම විදේශ රැකියා ඒජන්ත ආයතනවල ගැටලු සම්බන්ධව වරින්වර පැමිණිලි කළද කිසිදු මැදිහත්වීමක් සිදු නොවීය. නමුත් විදේශයන් වෙත යැවීමේදී රැකියා ඒජන්සි සම්බන්ධ ගැටලු පියවීමට ඇමතිවරයා මැදිහත්ව පවතින ගැටළු නිරාකරණය කිරීමට ගත් පියවර හේතුවෙන් අලුතින් පිරිස් යැවීමට රැකියා නියෝජිතායතන පියවර ගත් බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසයි.