Posted on 06.19.2020 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
කොරෝනා වසංගතයෙන් පීඩාවට පත් විදේශ ශ්‍රමිකයන්ගේ ගැටලුවලට වහා විසඳුම් තබා දෙන ලෙස බල කරමින් ‘නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය’ ගෙන යන අරගලයේ තවත් පියවරක් ලෙස අන්තර්ජාල සම්මන්ත්‍රණයක් සංවිධානයකර ඇත.
නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරයේ ජාතික සංවිධායිකා හේමමාලි අබේරත්න, පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ සහ නීතිඥ නුවන් බෝපගේ මෙම සම්මන්ත්‍රණය අමතන්නට නියමිතය.
මේ අන්තර්ජාල සම්මන්ත්‍රණය ජූනි 21 රාත්‍රි 9.00 සිට නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරයේ Free Women! ෆේස්බුක් පිටුව ඔස්සේ විකාශය වේ.
එම ෆේස්බුක් පිටුවට පහත සබඳතාවයෙන් ඒක් විය හැකිය.