தமிழ்
English
Contact
Wednesday 23rd February 2022    
විශේෂ බදු පනත් කෙටුම්පත සම්මත කිරීමට ජනමතවිචාරයක් අවශ්‍ය බවට තීන්දුවක් | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

විශේෂ බදු පනත් කෙටුම්පත සම්මත කිරීමට ජනමතවිචාරයක් අවශ්‍ය බවට තීන්දුවක්



විශේෂ භාණ්ඩ හා සේවා බදු පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර බලයෙන් පමණක් නොව ජනමත විචාරණයකින්ද සම්මත කළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන පාර්ලිමේන්තුවට දැනුම් දී තිබේ.

ශ්‍රේෂ්ඨාධිකරණය මෙම දැනුම්දීම කර ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 123(2)(ඇ) ව්‍යවස්ථාව ප්‍රකාරවය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සමග අනුකූල නොවන වගන්තිවලට සංශෝධන යෝජනා කිරීම පනත් කෙටුම්පතෙහි ප්‍රකාශිත අරමුණුවලට අනුකූල නොවන බැවින්,ඒ වගන්තිවලට නිශ්චිත සංශෝධන යෝජනා කිරීම ප්‍රායෝගික නොවන බවත් ඒ වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සමග අනුකූල වන පරිදි වෙනස් කිරීම සඳහා වගන්ති සංශෝධනය කළ හැකි ආකාරය තීරණය කිරීමෙන්ද මේ අනුව වැළකිය යුතු යැයි ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී ඇති බවත් කතානායකවරයා පවසා තිබේ.