தமிழ்
English
Contact
Friday 3rd May 2019    
වෙනිසියුලානු ජනාධිපති නිකොලොස් මාදුරෝ ඝාතන ප්‍රයත්නයකින් ගැලවේ | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

වෙනිසියුලානු ජනාධිපති නිකොලොස් මාදුරෝ ඝාතන ප්‍රයත්නයකින් ගැලවේ



ඊයේ එරට හමුදාවේ 81 වැනි සංවත්සර උත්සවයට සහභාගීවි හමුදා උත්තමාරය අවසන්කරමින් පැවැති කතාව අතර තුරදී පුපුරණ ද්‍රව්‍ය පිරවූ ඩ්‍රෝන යානයකින් එල්ල කරන ලද ප්‍රහාරයන් දෙකකින් දිවි ගලවා ගැනීමට ජනාධිපති මාදුරෝ සමත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම ප්‍රහාරයෙන් පසුව කොලොම්බියාවේ දක්ෂීණාංශීක පක්ෂය නියෝජනය කරන වත්මන් කොලොම්බියානු ජනාධිපතිවරයාට හා එරට තුල සිට ක්‍රියාත්මක වන වෙනිසියාලු විපක්ෂ කණ්ඩායම්වලට මෙම ප්‍රහාරයේ පසුව මාදුරෝ ජනතාව අමතමින් සිය ඝාතන ප්‍රයත්නයේ කුමණ්ත්‍රනය පිළිබදව චෝදනා එල්ලකර තිබේ.

හමුදා සාමාජිකයින් හා ජනාධිපතිවරයාගේ ආරක්ෂකයින් වහාම සිය වෙඩි නොවදින ආවරණ යොදාගනිමින් ජනාධිපතිවරයාව වැහෙනසේ යෙදූ ආවරණ හේතුවෙන් දෙවන ප්‍රහාරයෙන් ඔහුව ආරක්ෂාවී තිබේ.

පළමුවෙන්ම ජනාධිපතිවරයා සිය කතාව පවත්වමින් සිටින විට සිය හිසට ඉදිරියෙන් පළමු ඩ්‍රෝනා ප්‍රහාරය පුපුරා ගොස් තිබෙන අතර ඊට තත්පර කිහිපයකට පසුව දෙවන ඩ්‍රෝන ප්‍රහාරයද එල්ලවී තිබේ.




Related News