Posted on 01.16.2021 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
රජයේ වෛද්‍ය නිලධාරි සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය සම්බන්ධ පුවත් පළ කරන්නේ කිරිපිටි, දුම්කොළ, මත්පැන් සමාගම්වල අවශ්‍යතාවට බව එම සංගමය චෝදනා කරයි.
පසුගියදා කෝරෝනා රෝගියකු වූ වෛද්‍යවරයකුගේ ආශ්‍රිතයකු ලෙස හඳුනාගැනීමෙන් පසුව ඔහු මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ට වසන් වී නිරෝධායනයෙන් ඉවත්වී සිටි බවට පසුගිය දිනවල ප්රවෘත්ති පළ විය.
කෙසේවෙතත් රජයේ වෛද්‍ය නිලධාරි සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන්ද සොයිසා පවසන්නේ සමාගම්වල අවශ්‍යතාවලට කටයුතු නොකරන නිසා රජයේ වෛද්‍ය නිලධාරි සංගමය අපකීර්තියට ත් කරවීමේ අරමුනින් වෛද්‍ය පාදෙනියට අවලාදාත්මක පුවත් මාධ්‍ය ආයතනවලින් පළකර ඇති බවය. මෙවැනි පුවත් පළ කළ මාධ්‍ය ආයතනවලට එරෙහිව නීතිමය පියවර ගන්නා බවද වෛද්‍ය නවීන් ද සොයිසා පැවසුවේ ඊයේ(15) පැවැත්වූ මාධ්‍ය හමුවකදීය.