Posted on 02.25.2022 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
ලේඛක ශක්තික සත්කුමාර නීති විරෝධි ආකාරයට අත්අඩංගුවට ගැනීම සහ සාවද්‍ය චෝදනා නැගීම සම්බන්ධව පොල්ගහවෙල හිටපු ස්ථානාධිපතිවරයාට එරෙහිව පැවරූ වන්දි නඩුව අද (25) කුරුණෑගල දිසා අධිකරණයේ දී දෙවන වරටත් කැඳවනු ලැබිණි.
මෙම අවස්ථාවේ ලේඛකයා වෙනුවෙන් නීතීඥ තක්ෂිලා මධුභාෂණී ජයසේන ප්රමුඛ නීතීඥ කණ්ඩායමක් පෙනී සිටි අතර නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා අධිකරණයට දැන්වූයේ ගරු නීතිපතිවරයා මේ නඩුවෙන් ඉවත්වන බවයි. අධිකරණයේ අවසරය ඊට හිමි වූ අතර නඩුව නැවත 2022 අප්‍රේල් 04 වන දින කැඳවීමට නියමිතය.
එම ඉදිරි නඩු දිනයේදී පොල්ගහවෙල පොලීසියේ හිටපු ස්ථානාධිපතිවරයා තමා වෙනුවෙන් පෙනී සිටීමට සිය පෞද්ගලික මුදලින් නීතීඥවරයෙකු ඉදිරිපත් කළ යුතුව ඇත.