தமிழ்
English
Contact
Thursday 2nd May 2019    
ශ්‍රීලනිපයයි-පොහොට්ටුවයි සන්ධානයකට යාමේ සූදානමක් ! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ශ්‍රීලනිපයයි-පොහොට්ටුවයි සන්ධානයකට යාමේ සූදානමක් !



ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරි මැතිවරණයක් සඳහා සන්ධානයක් ලෙස ඉදිරිපත්විම පිළිබඳ සාකච්ඡා යළි ආරම්භ කිරීමට තීරණය කර තිබේ.

ඒ අනුව අදාළ කරුණ සම්බන්ධයෙන් පත් කළ කමිටුව යළි රැස්වී යෝජනා ඉදිරිපත් කිරීමට නියමිතයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ මහින්ද රාජපක්ෂ ඇතුළු ‍ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ නායකයින් අතර අද(10) පැවැති සාකච්ඡාවේදී එම තීරණය ගෙන තිබේ.

මෛත්‍රී ජනාධිපතිවරයාට ඉදිරි මැතිවරණයක් සඳහා ඉදිරිපත් වන්නේ නම් ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් බහුතරයකගේ ඡන්ද අවශ්‍ය වේ. එසේම මේ මොහොතේ මහින්ද රාජපක්ෂටද සිය බලය අහිමිවී ජනතාව ඉදිරියේ කිච වී සිටියි. මෙය ඔහුටද දේශපාලන බලය ගොඩ නගා ගැනීමට අවශ්‍යව සිටින මොහොතකි. එම නිසා මොවුන් දෙපිරිසම සන්ධානගත වීමට උත්සාහ කරමින් තමං තමන්ගේ දේශපාලන බලය වැඩි කරගැනීමට උත්සාහ කිරීමක් දක්නට හැකි වෙනු ඇත.