தமிழ்
English
Contact
Monday 6th May 2019    
ශ්‍රීලනිප, එජාප සාකච්ඡා - සුදුසුකම් මත ඇමති ධූර දෙන්න එජාපය සූදානම්! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ශ්‍රීලනිප, එජාප සාකච්ඡා – සුදුසුකම් මත ඇමති ධූර දෙන්න එජාපය සූදානම්!



ඇමතිධුර දැරූ ශ්‍රිල.නි.ප. මන්ත්‍රිවරු කිහිපදෙනෙක්ම එජාප ආණ්ඩුවේ වරප්‍රසාද ලබාගන්නට සූදානම්ව සකච්ඡා පවත්වමින් සිටින බව වාර්තා වේ.

මෙම වාර්තා සඳහන් කරන ආකාරයට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ අනුදැනුම ඇතිව රාජපක්ෂ කණ්ඩායම වෙත සහාය දක්වමින් ඉවත්ව ගිය ඇමතිවරුද මෙසේ ආණ්ඩුවට එකතුවන්නට සූදානමින් සිටිති. මේ ආකාරයට රාජපක්ෂ-මෛත්‍රි තාවකාලික හවුලෙන් වෙන්ව එ.ජා.ප. ආණ්ඩුවට එක්වන්නට සිටින මුලු ගණන විස්සකට වැඩි බව ඔවුන් පොරොත්තු ලේඛනයක් ලෙස තබා ගෙන සාකච්ඡා ආරම්භ කර ඇති බවද එ.ජා.ප. ආරංචි මාර්ග හෙළි කරයි.

මේ අතර ඊයේ(16) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එරාන් වික්‍රමරත්න පැවසුවේ කැබිනට් මන්ඩලය අමාත්‍ය ධුර 30කට සීමා විය යුතු වීම එක්සත් ජාතික පක්ෂයේ මෙන්ම එක්සත් ජාතික පෙරමුණේද බහුතර පාර්ලිමේන්තු මන්ත්‍රී අදහස වී ඇති බවයි. එහෙත් එක්වීමට කැමැත්තෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ හෝ වෙනත් පක්ෂයක යමෙකු සිටී සුදුසුකම් මත ඔවුන්ට කැබිනට් මණ්ඩලයේ ධුර ලබා දුන්නාට කිසිදු එරෙහිවීමක් සිදු නොකරන බවද ඔහු මෙහිදී සඳහන් කර තිබුණි.

එ.ජා.ප. විසින් ප්‍රකාශයට පත්කරන ‘ඊනියා ජාතික ආණ්ඩුවක්‘ සදහා එක්වීමට ශ්‍රී ලනිප මන්ත්‍රීවරු කැමැත්ත පළ කර ඇති බව මිට පෙර දේශපාලන ආරංචි මාර්ග මගින් කියැවුනි. ජාතික ආණ්ඩුවකදී මන්ත්‍රී ධූර සංඛ්‍යාව 30 ට වඩා වැඩි කිරීමේ හැකියාවක්ද පවතියි.

අනිත් අතින් ශ්‍රී ලනිප හෝ වෙනත් පක්ෂයක මන්ත්‍රීවරු එක්සත් ජාතික පක්ෂය සමඟ එකතුවීම නිකම්ම සිදුවන්නක් නොවේ. ඒ සඳහා විශාල මුදල් කුට්ටි සහ වෙනත් වරප්‍රසාද ඔවුන් වෙත හිමිවනු ඇත. එනම් මහින්ද රාජපක්ෂ බහුතරය හදාගැනීමට මන්ත්‍රීවරු බිලී බෑමට සූදානම් වූ ආකාරයටම එක්සත් ජාතික පක්ෂයද මේ සුදානම් වෙන්නේ මුදල් සහ වෙනත් වරප්‍රසාද මත මන්ත්‍රීවරු බිලී බා ගැනීමටයි.