தமிழ்
English
Contact
Monday 6th May 2019    
ෂැංහයි මාස්ටර් ටෙනිස් ශූරතාවය රෝජර් ෆෙඩර්ට | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ෂැංහයි මාස්ටර් ටෙනිස් ශූරතාවය රෝජර් ෆෙඩර්ට



2017 වසරේ විම්බෙල්ඩන් ශූරතාවය දිනූ රෝජර් ෆෙඩර් විසින් ලොව ටෙනිස් ශ්‍රේණි ගත කිරීම් අනුව පළමු ස්ථානයේ සිටින රෆායෙල් නඩාල් පරාජය කර ෂැංහයි මාස්ටර් ටෙනිස් ශූරතාවය දිනා ගැනීමට සමත්විය.

තරගවට  6-4, 6-3ක් ලෙස රෝජර් ෆෙඩර් සිය ප්‍රතිවාදියා වූ රෆායෙල් නඩාල් පරාජය කිරීමට ගත ක‍ළේ විනාඩි 72ක් පමණි. මේ වසරේ පමණක් රෆායෙල් නඩාල්ව අවස්ථා හතරකදී පරාජය කිරීමට රෝජර් ෆෙඩර්ට හැකියාව ලැබුනි.

මීට පෙර රෆායෙල් නඩාල් 2009 වසරේ රුසියානු ක්‍රීඩක නිකොලායි ඩෙව්ඩෙන්කෝ හමුවේද  ෂැංහයි මාස්ටර් ටෙනිස් ශූරතා අවසන් තරගයෙන් පරාජයට පත්විය.

මෙවර ශුරතාවය දිනා ගැනීමත් සමග ෂැංහයි මාස්ටර් ටෙනිස් ශූරතාවය දෙවරක් දිනා ගැනීමට රෝජර් ෆෙඩර් සමත්විය.මීට පෙර 2014 වසරේ දීද රෝජර් ෆෙඩර් විසින් ෂැංහයි මාස්ටර් ටෙනිස් ශූරතාවය දිනා ගැනීමට සමත් තිබේ.

මෙම ෂැංහයි මාස්ටර් ටෙනිස් ශුරතාවය 1996 සිට සෑම වසරකම ඔක්තෝබර් මස 11 සිට 18 දක්වා පැවැත්වේ.

ෂැංහයි මාස්ටර් ටෙනිස් ශූරතාවය සදහා ලබා දෙන මුළු ත්‍යාග මුදල අමෙරිකානු ඩොලර් තුන් ලක්ෂ අසූ දහසකි.කාන්තා හා පිරිමි ලෙස ශුරතාවයන් දෙකක් පැවැත්වේ. ඊට අමතරව යුගල තරගයක්ද පැවැත්වේ.




Related News