Posted on 07.30.2017 by Madanayaka in ක්රීඩා පුවත් with 0 Comments
ශ්‍රී ලංකා ටෙලිකොම් විසින් පවත්වන ලද ස්පීඩ්අප් පාපැදි සවාරියේ සමස්ත ජය ටෙලිකොම් සමාගම නියෝජනය කළ චාමික කුමාරට හිමිවිය.
ඔහු සමස්ත තරග අදියරයන් කිහිපය අවසන් කිරීම සදහා පැය 18 විනාඩි23කුත් තත්පර 20ක් වැය කරමින් සිය ජයග්‍රහණය තහවුරු කරගැනීමට සමත්විය.
සමස්ත තරගයේ දෙවන ස්ථානය හිමිකරගනු ලැබුයේ ගුවන් හමුදාව නියෝජනය කළ සංජු දීමන්ත විසිනි. ඔහුට වයවූ කාලය පැය 18 විනාඩි23කුත් තත්පර 20කි. තෙවන ස්ථානය වරායා අධිකාරිය නියෝජනය කළ රමේෂ් විරාන් විසින් හිමිකරගන්නා ලදී.
ඊයේ පැවැති මෙම තරගයට පෙර අවසන් වූ කි.මි. 72 ක දුරකින් සමන්විත කාන්තා තරගයේ ජය ගුවන් හමුදාව නියෝජනය කළ සුදාරිකා ප්‍රියදර්ශණී හිමි කරගත් අතර දෙවන ස්ථානය දිනේෂා දිල්රැක්ෂි විසින්ද තුන්වන ස්ථානය සුලෝචනා පංචාලි විසින් හිමිකර ගැනීමට සමත්විය.මෙම ක්‍රීඩිකාවන් තිදෙනාම ගුවන් හමුදාව නියෝජනය ක්‍රීඩිකාවන් වීම විශේෂත්වයකි.