Posted on 09.25.2018 by Madanayaka in විදෙස් පුවත් with 0 Comments
ස්වීඩන් අගමැති ලෙස කටයුතු කළ ස්ටෙපාන් ලොෆ්වන් අද දින ස්වීඩන් පාර්ලිමේන්තුවේ පැවැති දෝෂාභියෝගයකින් පරාජයවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
දෝෂාභියෝගයට පක්ෂව ඡන්ද 204ක්ද විරුද්ධව 142ක් ලැබී තිබෙන අතර දක්ෂිණාංශික විපක්ෂ කණ්ඩායම් විසින් ගෙන එන ලද දෝෂාභියෝග ජය ගැනීමත් සමග ස්වීඩන් කතානායක නව අගමැතිවරයකු පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රීන්ගේ කැමැත්තෙන් තොරාගතයුතුය.
නව අගමැතිවරයකු පත්වන තුරු ස්ටෙපාන් ලොෆ්වන් අගමැතිධුරයෙන් ඉවත්විය යුතුය.
2014 වසරේ ස්වීඩනයේ බලයට පත් ස්ටෙපාන් සමජා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායයාය.
පසුගිය ස්වීඩන් මහ මැතිවරණයෙන් සුළුතර ආණ්ඩුවක් පිහිටවනු ලැබීය. විරුද්ධ පක්ෂ කණ්ඩායම්වලට වඩා එක් ඡන්දයකින් ස්වීඩන් වත්මන් ආණ්ඩුව පැවතිනි.