බඳුම්කර සිද්ධියට අර්ජුන මහේන්ද්‍රන්ගේ සෘජු දායකත්වයක් නැතිලු
Posted on 04.20.2015 by Sampath in දේශීය පුවත් with 0 Comments
වසර 30ක් සදහා වන බැදුම්කර නිකුතුවේ ලංසු භාරගැනීමට අදාල තීරණ ගැනීමේ ක්‍රියාවලියේදී මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්ගේ දායකත්වයක් ඇත්දැයි සොයාබැලීම සදහා පත්කළ ත්‍රී පුද්ගල කමිටුවේ වාර්තාව එළි දැක්වූ බව ප්‍රතිප්ති සම්පාදක හා ආර්ථික කටයුතු අමාත්‍යංශය විසින් ඊයේ (19) දින නිවේදනයක් නිකුත් කරමින් දන්වා තිබේ.
එම නිවේදනයේ දැක්වෙන්නේ පිටු 19කින් සමන්විත අදාල වාර්තාව මගින් එම සිද්ධියට මහ බැංකු අධිපතිවරයාගේ සෘජු දායකත්වයක් නොමැති බව සදහන් කර ඇති බවයි.
මහ බැංකු අධිපතිවරයා සභාපතීත්වය දරන මුළ්‍ය මණ්ඩල 4/2015 ලඝු සටහනේ වසර 30ක බැදුම්කර නිකුතුවක් ගැන සදහන් කර තිබුණද එහි ප්‍රමාණය ගැන තීරණයක් එම සටහනේ දක්වා නොමැති බව අදාල වාර්තාව උපුටා දක්වමින් ප්‍රතිප්ති සම්පාදක හා ආර්ථික කටයුතු අමාත්‍යංශය විසින් නිකුත් කළ නිවේදනයේ සදහන් වේ.
තවද අදාල වාර්තාව උපුටා දක්වමින් එම නිවේදනයේ වැඩිදුරටත් සදහන් වන්නේ එම කාර්ය භාරව ඇත්තේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවට බවත් අගය ඉක්මවා ලංසු භාරගැනීමට අදාල තීරණය ගෙන ඇත්තේ පුද්ගලයන් 08 දෙනෙකුගෙන් සමන්විත ටෙන්ඩර් මණ්ඩලය බවත් මහ බැංකු අධිපතිවරයා ටෙන්ඩර් මණ්ඩලයේ සමාජිකයෙකු නොවන බවතය.
බැදුම්කර නිකුතුවට අදාල විමර්ශනය සිදුකළ ත්‍රී පුද්ගල කමිටුව ගාමිණී පිටිපන(සභාපති), මහේෂ් කළුගම්පිටිය, චන්දිමාල් මෙන්ඩිස් යන නීතීඥවරුන් ඇතුළත්ය.
ප්‍රතිප්ති සම්පාදක හා ආර්ථික කටයුතු අමාත්‍යංශය විසින් නිකුත් කළ නිවේදනය

Related News