Posted on 04.17.2019 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
වෛද්‍ය උපාධිධාරීන් සඳහා සීමාවාසික වෛද්‍ය පත්වීම් ලබාදීම අත්හිටුවමින් පනවා තිබූ අතුරු තහනම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් විසුරුවා හැර තිබේ. අධිකරණය මෙසේ නියෝග කරනු ලැබුවේ රජයේ වෛද්‍ය පීඨ සහ කොතලාවල වෛද්‍ය පීඨ උපාධිධාරීන්ට පමණක් සීමාවාසික පත්වීම් ලබාදීමට එරෙහිව සයිටම් සිසුන් තිදෙනකු ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම සම්බන්ධයෙන් කරුණු සළකා බැලීමෙන් අනතුරුවයි.
පෙත්සම නැවත විභාගය ලබන මැයි 9දා දක්වා කල් දමා තිබේ.
පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් සඳහන් කර ඇත්තේ සයිටම් සිසුන් වෛද්‍ය වෘත්තිකයන් ලෙස ලියාපදිංචි වීමට සුදුසුවන බවට අධිකරණයෙන් තීන්දු කර තිබියදී එම අවස්ථා ලබා නොදීම අයිතිවාසිකම් කඩ කිරීමක් බවයි. එහිදී නීතිපති වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුරේන් ඥානරාජ් පවසා ඇත්තේ රජයේ වෛද්‍ය උපාධිධාරීන්ට සීමාවාසික පුහුණුවීම් ලබාදීමේදී ප්‍රමුඛත්වය හිමිවන බවයි. ඒ අනුව දෙපාර්ශවයේ කරුණු සැළකිල්ලට ගනිමින් අතුරු තහනම ඉවත් කර ඇත.