Posted on 12.06.2019 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
සූර්යතාප විදුලි සහ සුළං බල විදුලි ව්‍යාපෘති සඳහා මින් ඉදිරියට ටෙන්ඩර් කැඳවීමකින් තොරව අවසර ලබාදීමට හැකිවන පරිදි අලුතින් නීති සකස්කිරීමට මගී ප්‍රවාහන කළමනාකරණ, විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර පියවර ගෙන තිබේ.
ඒ අනුව, මින් ඉදිරියට ටෙන්ඩර් කැඳවීමකින් තොරව සූර්ය තාප හා සුළං බල විදුලි ව්‍යාපෘති සඳහා අවසර ලබාදීමට හැකිවන පරිදි විදුලිබල පනත සංශෝධනය කරන බවද එම අමාත්‍යංශය කියයි.
ඒ සඳහා කමිටුවක් පත්කිරීමටද නියමිත තිබේ.