Posted on 07.22.2021 by Chandana Sirimalwatte in ක්රීඩා පුවත් with 0 Comments
හෙට(23) වැනිදා ජපානයේ ටෝකියෝ නුවරදී ආරම්භවන ගිම්හාන ඔලිම්පික් උළෙල (2020) සඳහා ලංකාවේ ක්රීඩක ක්රීඩිකා කණ්ඩායම ජූලි 14 පිටත්ව ගියහ.
23 වැනිදා සිට අගෝස්තු 8 වැනිදා දක්වා පැවැත්වෙන මෙවර ගිම්හාන ඔලිම්පික් උළෙල සඳහා ලංකාව නියෝජනය කරමින් ක්රීඩක ක්රීඩිකාවන් 9 දෙනකුත් පරිවාර නිලධාරීන් හා පුහුණුකරුවන් 17 දෙනෙකුත් සහිත කණ්ඩායමක් සහභාගිවනු ඇත.
ලංකා කණ්ඩායමේ ප්රධානී ලෙස ගාමිණී ජයසිංහ හා පරිපාලන නිලධාරීනී ලෙස හංසිකා ධර්මවර්ධන කටයුතු කරන අතර ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති සුරේෂ් සුබ්රමනියම් හා මහ ලේකම් මැක්ස්වල් ද සිල්වා ඔලිම්පික් උළෙලට සහභාගි වූඹ පිණිස ටෝකියෝ නුවර බලා පිටත්ව ගියහ.
ලංකාවේ ක්රීඩක ක්රීඩිකාවන් ලෙස බැඩ්මින්ටන් ක්රීඩක නිලූක කරුණාරත්න, පිහිනුම් ක්රීඩක මැතිව් අබේසිංහ, පිහිනුම් ක්රීඩිකා අනීකා ගෆූර් , ජූඩෝ ක්රීඩක චාමර ධර්මවර්ධන, ජිම්නාස්ටික් ක්රීඩිකා මිල්කා ගෙහානි, අශ්වාරෝහක මැටිල්ඩා කාල්සන්, මීටර 100 ක්රීඩක යුපුන් අබේකෝන් සහ මලල ක්රීඩිකා නිමාලි ලියනආරච්චි ටෝකියෝ ඔලිම්පික් උළෙලට සහභාගි වෙති.