தமிழ்
English
Contact
Wednesday 1st May 2019    
හොංකොංහි ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලා උද්ඝෝෂණ | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

හොංකොංහි ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලා උද්ඝෝෂණ



හොංකොංහි ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන ලෙස ඉල්ලා උද්ඝෝෂණය කළ තිදෙනෙකු අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගති කිරීමත් සමග එරට වැසියන් දහස් ගණනක් හොංකොං වීදිවල දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

2014 වසරේ එරට පැවැති උද්ඝෝෂණවලට සම්බන්ධවූ බවට චෝදනා එල්ල කොට බන්ධනාගාර ගත කර ඇති තිදෙනාව වහාම නිදහස් කරන ලෙස මෙම උද්ඝෝෂකයින් ඉල්ලා සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම විරෝධතා සදහා විසිපන්දහසකට ආසන්න උද්ඝෝෂකයින් පිරිසක් සහභාගීවී ඇති බව වාර්තාවේ. එම උද්ඝෝෂණයන්හිදී ‘වහාම දේශපාලන සිරකරුවන් නිදහස කරන්නැ‘‘ ඒකාධිපති හොංකොං පාලනයට එරෙහිව සටන් කිරීම අපරාධයක් නොවේ‘ සදහන් බැනර් හා සටන්පාඨ කියමින් සිය විරෝධතා දක්වා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මීට මාසකට ඉහත හොංකොං චීනයට පවරා විසි වන සංවත්සරය සමරනු ලැබිනි. එයට සහභාගීවූ චීන් ජනපති පවසා තිබුනේ ‘ක්‍රම දෙකක් එක රටක්‘ යන චීන ප්‍රතිපත්තිය හොංකොංහි ක්‍රියාත්මක කරන බවයි.