தமிழ்
English
Contact
Sunday 5th May 2019    
2017 ලෝක මලල ක්‍රීඩා උළෙල ලන්ඩන්හිදී | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

2017 ලෝක මලල ක්‍රීඩා උළෙල ලන්ඩන්හිදී



 

2017 වසරේ ලෝක මලල ක්‍රීඩා උළෙල අද ලන්ඩන් නගරයේදී ආරම්භ වන අතර මෙම මස 13 වැනි දින එය අවසන්වීමට නියමිතව ඇති බව වාර්තාවේ.

ලන්ඩන් නරයේ ඔලිම්පික් පාර්ක්හි කුවින්ස් එළිසබෙත් ක්‍රීඩාංගනයේදී මෙම ලෝක මලල ක්‍රීඩා තරගාවලිය පැවැත්වෙයි. මෙවර විශේෂත්වය වන්නේ හුසෙන් බෝල්ට්ගේ මලල ක්‍රීඩා දිවියේ අවසන් තරගවලට ඉදිරිපත්වීමයි. සිය අන්තර් ජාතික ජාතික ක්‍රීඩා දිවියට සමුදීමේ උළෙල ලෙස මෙම තරගාවලිය නම්කර තිබීමයි.

ජැමෙයිකාවෙන් බිහිවූ විශිෂ්ඨ මලල ක්‍රීඩකයා වන හුසෙන් බෝල්ට් පිටපිට ඔලිම්පික් තරගාවලි තුනකදී  මීටර් 100 හා මීටර් 200 යන ජනප්‍රියම ඉසව් ජයගෙන රන්පදක්කම් තුනක් ලබාගැනීමට හැකියාව ලබා ගත් ක්‍රීඩකයා වෙයි.

බ්‍රිතාන්‍ය දිගු දුර ක්‍රීඩක මෝ පාරාද මෙවර ලන්ඩන් තරගාවලියෙන් පසුව සිය අන්තර් ජාතික තරග දිවියට සමුදෙන බව විදෙස් මාධ්‍ය ප්‍රකාශ කර ඇත. ඔහු මීටර් 5000 හා 10,000 යන ඉසව්වල ලෝක ශුරයා වෙයි. මෙවරද සිය ඉසව් දෙක සදහා රන්පදක්කම් ලබා ගැනීමේ අටියෙන් තරගවදිනු ඇත. මෙම විශිෂ්ඨ ක්‍රීඩකයින් දෙපළ 2017 ලන්ඩන් මලල ක්‍රීඩා උළෙලින් පසුව සමුගන්නා බව ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.




Related News