Posted on 12.31.2018 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සම්බන්ධයෙන් මහින්ද-මෛත්‍රි හවුල සහිත ජාතිකවාදී දේශපාලන බලවේගවල ප්‍රතිවිරෝධතා සහ ලිබරල්වාදී කණ්ඩායම්වල ප්‍රතිසංස්කරන යෝජනා ගැටුමට සලස්වමින් 2019 වර්සයේ දේශපාලනය තුළ බලගැටුම් සිය අරමුනුවලට කළමනාකරණය කිරීමට එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව සූදානම්වන ලකුනු අනාවරණය වේ.
අගමැති රනිල් වික‍්‍රමසිංහගේ නායකත්වයෙන් එක්සත් ජාතික පෙරමුණේ හවුල්කාර පක්ෂ නායකයන්ගේ හමුවක් අද කොළඹ අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි. පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ මෙන්ම අනෙකුත් ප‍්‍රධාන දේශපාලන පක්ෂ ද සමඟ 2019 වසර ආරම්භයේ සිට සාකච්ඡා ආරම්භ කිරිමට එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුව නියෝජනය කරන හවුල්කාර පක්ෂ නායකයින් අතර පැවති විශේෂ සාකච්ඡාවෙන් පසුව තීරණය කර තිබේ. ලංකාවේ දේශපාලන බල සූදුව තුළ ජාතිකවාදී පාර්ශ්වය විසින් වාසි අත්පත් කරගන්නා මාතෘකාවක් කරළියට ගෙන ඒමෙන් සෙසු සියලු බලවේගවලට එයට ප්‍රතිවිරුද්ධ ස්ථානයකට පැමිණීමට සැලැස්විමෙන් ආණ්ඩුව සිය බල දේශපාලන අරමුනු කළමණාකරණය කරගන්නා බවක් දේශපාලන නිරීක්ෂනයට හසුව තිබේ. පසුගිය දින 50 ආණ්ඩුවේ අත්දැකීමෙන් උගත් පාඩමක් ලෙස මෙවැනි උපක්‍රමික පියවරක් ඉදිරියට ගන්නට එ.ජා.ප. උපදේශකයන් පක්ෂ නායකත්වයට උපදෙස් දී ඇති බව පෙනී යන කරුනකි.