Posted on 05.22.2022 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
බැසිල් රාජපක්ෂ දේශපාලනයෙන් ඉවත් කිරීම වෙනුවෙන් හෙට (23)දින ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ 21 වන ව්‍යවස්ථා සංශෝධන යෝජනාවට බාධා කිරීමට ජනාධිපති ගේඨාභය රාජපක්ෂ පියවර ගෙන ඇත.
ජනාධිපතිවරයා සහ ආණ්ඩුවේ බහුතර බලයක් පවතින පොදුජන පෙරමුණේ ඇමතිවරු අද කළ සාකච්ඡාවකදී ඇතිකර ගත් එකඟතා අනුව, මෙම සංශෝධනය වැළැක්වීමේ පියවර ගෙන ඇත. ජනාධිපතිවරයා මෙසේ බාධා කර ඇත්තේ 21 වන සංශෝධනය නීතිපතිවරයා හරහා නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළ යුතු බවට තර්ක කරමිනි.
මේ අතර, 21 වැනි සංශෝධනය සහ විධායක ක්‍රමය වෙනස් කිරීමේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධන ගෙන ආ යුත්තේ වත්මන් ජනාධිපතිවරයාගේ ධූර කාලය අවසන්වීමෙන් පසුව බවටත් එම සංශෝධන සඳහා සහාය ලබා ගන්නට නම් එවැනි කොන්දේසිවලට එකඟ විය යුතු බවට පොදු ජන පෙරමුණු ඇමැතිවරු විසින් කරුණු ඉදිරිපත් කරමින් 21 වැනි සංශෝධනය පසුපසට ගැනීමට කටයුතු කරනු ඇති බවට දේශපාලන ආරංචි මාර්ග පවසයි.
හෙට දිනයේදී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන්නට නියමිත මෙම 21 වැනි සංශෝධනය ගෙන එන අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ ප්‍රකාශ කළේ ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තුවට පැමිණීමට නොහැකි ආකාරයට මෙම ව්‍යවස්ථාව සංශෝධනය සකස් කරන බවය.