தமிழ்
English
Contact
Wednesday 22nd May 2019    
රනිල් ඉරිදා දිවුරුම් දෙයි! - ජනාධිපති එකග වේ? | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

රනිල් ඉරිදා දිවුරුම් දෙයි! – ජනාධිපති එකග වේ?



එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ඉරිදා (16) පෙරවරුවේ නැවත අගමැති වශයෙන් දිවුරුම් දීමට සූදානමින් සිටින බවට දේශපාලන ආරංචි මාර්ග පවසයි.

නිල නොවන ආරංචි මාර්ග වලින් දැනගන්නට ඇති ආකාරයට ඔහු සමග ඇමති මණ්ඩලයක්ද ලබන සඳුදා (17) පෙරවරුවේ දිව්රුම් දීමට නියමිතව ඇත. මෙසේ නම්කරනු ලබන 30 දෙනෙකුගෙන් සමන්විත කැබිනට් මණ්ඩලයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරුන් 6 දෙනෙකුද එක්වන බවට දේශපාලන මූලාශ්‍ර  සදහන් කරයි.

ඊයේ දක්වාම ජනාධිපතිවරයාගේ ස්ථාවරය ලෙස ප්‍රකාශ වූයේ රනිල් වික්‍රමසිංහ අගමැති ධුරයට පත් නොකරන බවය. එහෙත් අධිකරණ තීන්දුව හා ඊයේ කථානායකවරයා හමුවී කළ සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මෙම තීරණය ගැනීමට එකග වී ඇති බව පැවසේ.