தமிழ்
English
Contact
Wednesday 22nd May 2019    
කෘෂිකර්ම අැමති IRRI සමග පස් අවුරුදු ගිවිසුමක් අත්සන් කරලා ! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

කෘෂිකර්ම අැමති IRRI සමග පස් අවුරුදු ගිවිසුමක් අත්සන් කරලා !



අාසියාවේ කෘෂිකර්මාන්තයට සහ විශේෂයෙන් වී ගොවිතැනට මහත් අවාසිදායක බලපෑමක් අැති කරමින් හරිත විප්ලවයට මග පෑදූ IRRI අායතනය සමග පස් අවුරුදු වැඩසටහනක් සදහා කෘෂිකර්ම අැමතිවරයා ගිවිසුමකට ඒළඹී තිබේ.

ඊයේ මෙරටට පැමිණී IRRI අායතනයේ විධායක අධ්‍යක්ෂ මැතිව් මොරල් සමග මෙම ගිවිසුම අත්සන් කර අැති අතර ඉදිරියේදී කාන්තාවන් සහ ගොවින් කෘෂි තාක්ෂනයට නැඹුරු කිරීමේ සහ සහල් අස්වනු වඩා සරුසාර කිරීමේ අරමුණු ඒම ගිවිසුමට අඩංගු බව කෘෂිකර්ම අැමතිවරයා පවසා තිබේ. කෙසෙවෙතත් මෙවැනි ගිවිසුම්වලට ඒළඹෙන්නට පෙර සමාජය තුළ ඒ් සම්බන්ධ දැන්වත්භාවයක් අැති නොවීම නිසා ඒකී ගිවිසුම්වලින් කෘෂිකර්මාන්තයට අැතිකරන අැත්ත බලපෑම සම්බන්ධ නිගමනයක් සිදු කළ නොහැකිය. මෙවැනි ගිවිසුම් අත්සන් කරන අවස්ථාවේ කුමක් කීවද අවුරුදු 5ක් ඉක්මයන විට අැතිවන්නට නියමිත වර්ධනයන් සම්බන්ධව වගකීමක් අැමතිවරයා නොදරයි. ඒ් වනවිට කෘෂිකර්ම අැමතිවරයා වෙනස්වී සිටින්නට ඉඩ තිබේ. මෙම පසුබිම නිසාම පාලකයන් ගන්නා ප්‍රතිපත්තිමය තීන්දු විනිවිදභාවයකින් තොර යම් යම් වාසි අරමුනු කරගෙන ගන්නා තීන්දු බව හෙළි වී තිබේ. කෘෂිකර්ම අැමතිවරයා අත්සන් කළ ගිවිසුම පිළිබද කරුණු අනාවරණය කරගැනීමට නම් ඒම ගිවිසුම ජනතාවට හෙළිදරව් කිරීම අවශ්‍ය වේ.