தமிழ்
English
Contact
Thursday 2nd May 2019    
පොසොන් බැතිමතුන්ට ජලය දෙන්න වෙන මගක් නෑ - පුරා විද්‍යා අගයකින් යුත් පොකුණු බැකෝ යොදා හාරයි! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

පොසොන් බැතිමතුන්ට ජලය දෙන්න වෙන මගක් නෑ – පුරා විද්‍යා අගයකින් යුත් පොකුණු බැකෝ යොදා හාරයි!



ඒළඹෙන පොසොන් උත්සවයේදී අනුරාධපුරයට රැස්වන ලක්ෂ ගණනක් ජනයාට ජල පහසුගම් සපයන්නට අනුරාධපුර නගර සභාව අසමත් බැවින් ඒ් සදහා විකල්පයක් නැති තැන පූජා නගරයේ ඒෙතිහාසික පොකුළනු හාරා ජලය පුරවන්නට තීරණය කළ බව නගරාදිපතිවරයා පවසයි.

මේ නිසා යන්ත්‍ර සූත්‍ර යොදා පුරාවිද්‍යාත්මක අගයක් අැති පොකුණු තුන හාරන බවත් එය පුරා විද්‍යා නීතියට පටහැනි බවත් දක්වමින් තිසාවැව තුලානේ ග්‍රාම නිලධාරියා විසින් අනුරාධපුර මහ නගර සභාව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව  හා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව යන ආයතන වලට විරුද්ධව පොලිසියට පැමිණිලි කර තිබේ. පුරාවිද්‍යා නීතිය අනුව පුරාවිද්‍යා  භූමියක මතුපිට කැණීම පවා  පුරා වස්තුවලට මෙන්ම එහි පැවැත්මට හානි සිදුවිය හැකි බැවින් තහනම් තර අැත.

මේ වන විට තිසා වැවේ දියනෑම තහනම්කර ඇති නිසා මහජනතාවට දිය නෑම සඳහා අතීතයේ සිට භාවිතා කළ ස්ථානයක් හැටියට තිසාවැව පාමුළ පොකුණු තුනෙහි පිරී ඇති රොන් මඩ ඉවත් කිරීමට රජයේ සියලු නිලධාරීන්ගේ එකඟත්වයෙන් ශුද්ධ පවිත්‍ර කිරීම් කටයුතු සිදුකරමින් පවතින බව අනුරාධපුර නගරාධිපති එච්. පී. සෝමදාස මහතාගෙන්  කළ විමසුමේ දී ඒ මහතා කීය.

පොකුණු තුන මේ වන විට අඩි හයක පමණ රොන් මඩ තට්ටුවකින් පිරී ගොඩවීමට ලක්ව ඇති බවත් වන්දනාවේ පැමිණෙන ජනතාවගේ ජල අවශ්‍යතාවය සඳහා ලබාදිය හැකි සුදුසුම විකල්පය ලෙස මෙම පොකුණු පවිත්‍ර කරදීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ හා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ පොසොන් උත්සවය මුල්කරනෙ මෙම වැසටහන ඇරඹූ බවත් නගරාධිපතිවරයා පැවසීය.

පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ අවසරය ලබාගෙන ඇත්නම් මෙවැනි අවස්ථාවක ගැටලුවක් නොමැති බැවින්
එම වැඩසටහන සඳහා පුරවිද්‍යා අවසරය ලබාගෙන ඇද්ද යන්න තහවුරු කරගැනීම සඳහා පොලිස් පරික්ෂණ සිදුකරන බව