தமிழ்
English
Contact
Tuesday 23rd October 2018    
අාණ්ඩුවේ අර්බුදවලට ජනතාව බිලිදීමට ඒරෙහිව සටන් වදිමු ! - පෙ.ස.ප. | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

අාණ්ඩුවේ අර්බුදවලට ජනතාව බිලිදීමට ඒරෙහිව සටන් වදිමු ! – පෙ.ස.ප.



ඉන්ධන මිිල වැඩි කිරීම අැතුළු ජනතාවට දරාගැනීමට නොහැකි ලෙස ඉහළ ගොස් ඇති ජීවන වියදම සම්බන්ධයෙන් විසදුම් ලබා ගැනීමට සංවිධානාත්මකව පෙළ ගැසෙන ලෙසත් අයිතින් ඉල්ලා සටන් වදින ලෙසත් පෙරටුගාමී සමාජවාදී පක්ෂය ජනතාවගෙන් ඉල්ලයි.

පෙට්‍රල්, ඞීසල්, භූමි තේල් මිල ඉහළ දැමීමත්, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වල මිල ඉහළයාමත් නිසා රටේ ගොවි ජනතාවටත් විශේෂයෙන් වැඩකරන පන්තියේ ජනතාවටත් විශාල අර්බුදයකට මුහුණ දීමට සිදුව තිබෙන තත්වය පිළිබද පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අදහස ප්‍රකාශ කරමින් අද(15) පැවැත්වූ මාධ්‍ය හමුවේදී පෙ.ස.ප. අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මේ බව කීය. ඔහු පළ කළ අදහස් සාරාංශයක් පහත පළ වේ.

“ඔක්ටේන් 92 පෙට්‍රල් රු.117 සිට රු. 137 දක්වා රුපියල් 20කින්ද, ඞීසල් රුපියල් 14කින්ද ඉහළ දැම්මා. භූමිතෙල් සියයට දෙසීයකින් ඉහළ දැම්මා. ලංකා ඉතිහාසයේ කවදාකවත් නොවුනු විදිහට රු.47ට තිබූ භූමිතෙල් ලීටරය රු. 100ක් දක්වා මිල වැඩිවුණා. තෙල් මිල ඉහළ යනවා කියන්නේ සියලූ භාණ්ඩ වලත් මිල ඉහළ යනවා කියන එක. මොකද මේ සියලූ භාණ්ඩ ප‍්‍රවාහනය කරන නිසා. තෙල් මිල ඉහළයාමට ආණ්ඩුව කියන උත්තරය තමයි ලෝක වෙළඳපලේ තෙල් මිල ඉහළ ගිහින් තියනවා කියන එක. දවසකට තෙල් සංස්ථාවට රු, බිලියන 35ක විතර අලාභයක් සිදුවෙනවා ඒක පියවගන්න තමයි තෙල් මිළ වැඩිකළේ කියලා. ඒ තර්කය අපි හිතනවා ඉතාමත් වැරදි තර්කයක් කියලා. මොකද ලෝක වෙළඳපොලේ තෙල් මිල ඉහළ පහළ යන විදිහට ලංකාවේ තෙල් මිල ඉහළ පහළ යනවනම් ඒවාට අයත් පරිපාලන නිලධාරීන්, ඒවට අදාල උපායමාර්ග ගෙන එන්න ඕන. දැන් තියන ප‍්‍රශ්නය තමයි මීට අවුරුදු තිහකට හතලිහකට කලින් තිබුණ වැඩපිළිවල පවා දැන් නෑ. කලින් තිබුණා තෙල් මිල අඩු කාලේදී තෙල් ගෙන්ලා ලංකාවේ ගබඩා කරන්න රජයේ ගබඩා. මුතුරාජවෙල, තී‍්‍රකුණාමලය, කොළඹ තෙල් ටැංකි තිබුනා. මේ වන විට වරින් වර මෙම තෙල් ටැංකි විකුණාදමා තිබෙනවා. සමහර ඒවා කාලයක් නඩත්තු නොකරපු නිසා විනාශවෙලා ගියා.

දැන් රටට වෙලා තියෙන්නේ එක සතියක් තෙල් නැවක් එනන්න බැරි උණොත් ලංකාවට තෙල් නැති වෙනවා. ඒ විතරක් නෙවෙයි සපුගස් කන්ද තෙල් පිරපහදුව පටන් ගත්තෙම දවසකට බොරතෙල් මෙටි‍්‍රක් ටොන් 5200ක් පිරිපහදු කරන්න. එහි ක‍්‍රමාණුකූලව ධාරිතාවය ඉහළ දැමුවා. ආනයනය කරන බොරතෙල් වලින් අතූරු ඵල ලෙස දේවල් පිටවෙනවා. ඒ අතුරුඵල වලින් නැවත කර්මාන්ත කරන්න පුලූවන්. ලිහිසි තෙල්, පොහොර, නයිලෝන් , පී.වී.සී, වැනි කර්මාන්ත එවා යොදාගෙන කරගන ගියා. එත් මේ වෙද්දි සියල්ල විකුණාදමමින් තිබෙනවා. උදාහරනයක් විදිහට 1994 චන්ද්‍රකා කුමාරතුංග ආණ්ඩුව ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට තිබුණු ලිහිසි තෙල් අංශය කැල්ටෙක්ස් සමාගමට වික්කා. ඒ වගේම සිපෙට්කෝ සමාගමට පොහොර නිෂ්පාදනාගාරයක් තිබුණා. ඒක අදවන විට අකී‍්‍රය වෙලා. නයිලොන් නිෂ්පාදනය නවතා දැමුවා. ගෑස් නිෂ්පාදනය නතර කළා. දැන් සපුගස් කන්ද ගෑස් වලින් කොටසක් පුද්ගලික අංශයට දී තිබෙනවා. තව ප‍්‍රමානවයක් පුලූස්සා දමනවා. ඉතිහාසයේ ඛණිජ තෙල් සංස්ථාවට හැකිව තිබුණා ලෝකවෙළදපොලේ තෙල් මිල ඉහල යන කාලයටත් යම් ස්ථවර මිලක් පවත්වාගෙන යන්න.

මේ ගෙවුණු අවුරැදු 40 මුලුල්ලේ තෙල් පිරිපහදු කරන ධාරිතාවය පොඞ්ඩක්වත් ඉහළ දමා නෑ. ඒ ආශි‍්‍රත තිබූ නිෂ්පාදන බහුජාතික සමාගම් වලට දීලා. දැන් කියනවා සංස්ථාවට ආදායම් නැති තෙල් මිල ඉහළ දමනවා කියලා. අණ්ඩුවට කිසිම සැලැස්මක් නෑති බව හොදට පේනවා. පොඩි ළමයි කියන කවියක් තිබෙනවා ‘පායනා කාලෙදී රෑ දවල් මහන්සි වී කන්නදේ රැස් කරයි කූඹියෝ’ කියලා. බැලූවම මේ ආණ්ඩුවට කූඹින්ට තරමවත් මොලයක් නෑ. අනෙක් කාරනය තමයි ලෝක වෙළඳපොලේ තෙල් මිල ඉහළ ගිය නිසා නෙවමෙවයි ලංකාවේ තෙල් මිල ඉහළ ගියේ. සාමාන්‍යයෙන් ලොකයේ තෙල් වලට බදු ගහාන රටවල් අඩුයි. නමුත් ලංකාවේ ආණුඩුව ඊට වෙනස්. කලින් පෙට්‍රල් ලීටරයකට රු.45ක බද්දක් පනවලා තිබුණා අපට ආරන්චි විදිහට දැන් පෙට්‍රල් ලීටරයකට බද්ද රු. 52ක් දක්වා වැඩි කරලා. රුපියල් 20කින් තෙල් මිල ඉහළ යන් කොටෙ ඒකෙ බද්ද රු12. ඞීසල් ලීටරයකට රු 12ක් ව තිබූ බද්දට තවත් රුපියල් 6ක් එකු කළා. ඒ විතරක් නෙවේ ගෑස් සිලින්ඩ‍්‍රරයක මිල රුපියල් 245කිනුකත් කි්රුපිටි වලට රුපියල් 50කිනුත් මිල වැඩිකළා. ඒවට ලොක වෙළඳපොළේ තිබෙන සම්බන්ධටය මොකද්ද? එතකොට පරිප්පු මිල වැඩි වුනේ කොහොමද? පියලි කළ පරිප්පු කිලෝ 1ට තිබුනේ රුපියල් 3ක බද්දක් ඒක රුපියල් 12ක් දක්වා වැඩි කළා. ඒ කියන්නේ සියයට 400කින් වැඩි කළා. පියලි නොකළ පරිප්පු කිලෝ 1ට බද්ද සියයට 700කින් වැඩි කළා.

මේකෙන් තෙරෙනවා ආණ්ඩුවට ජනතාවට සහන දෙන පැත්තෙන් නෙවෙයි හිතන්නෙ කියලා. අපි අණුවට බලකරනවා තෙල් මිල අඩුකරන්න කියලා. ඒ වගේම රාජ්‍ය අංශයේ පුද්ගලි අංශයේ සේවකයන්ගේ වැටුප් වැඩිකරන්න කියලා. මොකද හැමදේම මිල ඉහළ ගියත් රටේ මිනිසුසුන්ගේ ආදායම ඉහළ ගියේ නෑ. අපි ජනතවටත් කියනවා ජිවත් විෙමි අයිති දිනාගන්න අරගල කරන්න කියලා. සංවිධානය වෙන්න කියලා. මොකද මේ ආණ්ඩුව ඔන්ගේ අර්භූදය පියවගන්න ජනතාව බිලලට දෙමිනුයි ඉන්නේ.”