Posted on 07.15.2022 by Sajith Saranga in දේශීය පුවත් with 0 Comments
රනිල් වික්‍රමසිංහ වහාම ධූරයෙන් ඉල්ලා අස්විය යුතු බවත්, මේ මස 20 වැනිසා නව ජනාධිපතිවරයෙකු පත් කිරීමට පාර්ලිමේන්තුව රැස්වන විට අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් නොවන ලෙස ප්‍රතිඥා දෙන ලෙස ඇතුළු ඉල්ලීම් හතරක් ඉල්ලා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය වැඩබල ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ලිපියක් යවා ඇත. මෙහිදී එම සම්මේලනය වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ ජනතා කැමැත්තට සවන් දී ගෞරවණීය ලෙස වහාම ධූරයෙන් ඉල්ලා අස් වනු ඇති බව සිය සම්මේලනය අවංකවම බලාපොරොත්තු වන බවයි. සම්මේලනය වෙනුවෙන් එහි ලේකම් ආචාරය රොහාන් ලක්සිරිගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති එම ලිපිය මගින් විශ්වවිද්‍යාල අචාර්යවරුන්ගේ සමිති සම්මෙලනය පහත ඉල්ලීම් හතර ඉදිරිපත් කර ඇත.
කථානායකවරයා සහ පාර්ලිමේන්තුව සමඟ සාකච්ඡා කර වහාම ධූරයනේ ඉල්ලා අස්වීමට සුදුසු පියවර ගන්නා ලෙසත්,
මේ මස 20 වැනිදා නව ජනාධිපතිවරයකු පත් කිරීමට පාර්ලිමේන්තුව රැස්වන විට ඔබ අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් නොවන බවට මේ රටේ ජනතාවට ප්‍රතිඥා දෙන ලෙසත්,
විධායක ජනාධිපති තනතුරේ බලතල කිසිදු අවස්ථාවක ජනතාව වෙත ප්‍රචණ්ඩත්වය හා මර්දනය යොමු කිරීම සඳහා අත්තනෝමතික ලෙස යොදා ගැනීමෙන් වලකින ලෙසත්,
ජනවරමක් නොමැති රජයකට සුජාත භාවය ලබා දෙන ආකාරයෙක් කටයුතු කිරීමෙන් වලකින ලෙසත් ය.
එම සම්මේලනය විසින් ඉදිරිපත් කළ ලිපිය පහතින් දැක්වේ.
