Posted on 06.11.2022 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
විදුලි ජනනය අදානි සමාගමට ලබා දුන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ බලපෑම හෙතුවෙන් බව විදුලිබල මණ්ඩලයේ සභාපති එම්.එම්.සී ෆර්ඩිනැන්ඩු පවසයි. සභාපතිවරයා මේ බව පැවසුවේ කෝප් කමිටුවේදී කළ විමසීමකදී පිළිතුරු ලබා දෙමිනි.
මෙහිදි වැඩිදුරටත් කරුණු හෙළි කළ සභාපතිවරයා මෙසේ පැවසීය.
“ජනාධිපතිතුමා මාව සාකච්ඡාවකින් පස්සෙ ගෙන්නුවා. මට මතක විදියට පසුගිය නොවැම්බර් 24 වෙනිදා. ගෙන්නල මට කිවුවා මේක අදානි සමාගමට දෙන්න. ඉන්දීය අගමැති මෝඩි මට බලකරනවා මේක අදානි සමාගමට දෙන්න කියල. ඒක නිසා මේක අදානි සමාගමට දෙන්න කියලා.
ඒ වෙලාවෙ මම ජනාධිපතිතුමාට කිවුවා මේක මටවත් විදුලිබල මණ්ඩලයටවත් අයිති ප්‍රශ්නයක් නෙමෙයි. මේක ආයෝජන මණ්ඩලයට අයිති ප්‍රශ්නයක්. ඒ වෙලාවෙ ජනාධිපතිතුමා කිවුවා නෑ නෑ ඔයා මේකට ලියුමක් ගහන්න කියලා. ඒ වෙලාවෙ මම මුදල් අමාත්‍යාංශයේ ලේකම්ට ලියුමක් ලියල දැම්මා ජනාධිපතිතුමා මට මෙන්න මේ ව්දියෙ නියෝගයක් කරනවා. ඒක මුදල් අමාත්‍යාංශයෙන් කරගන්න. මේක විදුලිබල මණ්ඩලයට අයිති ප්‍රශ්නයක් නෙමෙයි කියලා.
එතුමා කිවුවා MOU එකේ ප්‍රශ්නෙදි අපි අදානි සමාගමට දුන්නේ එයාගෙ සල්ලිවලින් මේක කරන්න කියලා. මේක රජයක් හා රජයක් අතර දෙයක් විදියටයි යන්නේ. එතනදි සාකච්ඡා කරන්න ඕනෙ පනතේ තියෙන කල් බදු මිළ ගැන. ඒක මහජන උපයෝගිතා කොමිසම අනුමත කරන්න ඕනේ.”
කෙසේවුවද ජනාධිපති ගෝඨාභය විසින් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සභාපතිවරයාගේ චෝදනාව ප්‍රතික්ෂේප කර ඇත.