Posted on 06.20.2022 by Sajith Saranga in ප්‍රධාන පුවත් පෙළ with 0 Comments
ගෝඨාගෝගම අරගලකරුවන්ට පහර දී, ගැටුමක් ඇති කර එම ගැටුම දිවයින පුරා ව්‍යාප්ත කර රට වසා දැමීමේ කුමන්ත්‍රණයක් ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කිරීමට සූදානම් බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසයි. මේ මොහොතේ රට පුරා ආණ්ඩුවට එරෙහිව මතුව ඇති විරෝධය වෙනත් පාර්ශවයක් වෙත යොමු කොට විරෝධය දියාරු කිරීම මෙහි මූලික අරමුණ වී ඇත.
මේ වන විට රට බරපතල ඉන්ධන අර්බුදයකට මුහුණ දී ඇති අතර, පවතින ඉන්ධන සංචිතය ප්‍රමාණවත් වන්නේ තවත් දින දෙකකට පමණි. එමෙන්ම මේ වන තුරුත් නැවත තෙල් නැවත් ලංකාවට පැමිණීම සම්බන්ධ නිශ්චිත අදහසක් රජය සතුව නැත. 23වන දින තෙල් නැවක් පැමිණීමට නියමිත නමුත් එය ස්ථිර වශයෙන් ප්‍රකාශ කළ නොහැකි බවත්,තමන්ට ඇත්තේ බලාපොරොත්තුවක් පමණක් බවත් ඊයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී ඛණිජ තෙල් ඇමැති පැවසීය.
එමෙන්ම මේ මාසය තුළ අනිවාර්යයෙන්ම රසායනික පොහොර ලබා දෙන බවට කෘෂිකර්ම අමාත්‍යවරයා විසින් පැවසූ නමුත් ඒ සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති අතර, පොහොර ලැබෙන දිනයක් සම්බන්ධයෙන් රජයට කිසිදු අදහසක් නැත. මේ අතර දිවයින පුරා දැවැන්ත සහල් හිඟයක් මතුව ඇති අතර, සතොස ආයතනවල හා සුපිරි වෙළඳසැල් ජාලය තුළ සහත් නොමැති තත්වයක් මතුව ඇත. එමෙන්ම මෙම සහල් අර්බුදය සමනය කිරීමට රජය විසින් ගත් කිසිදු ක්‍රියාමාර්ගයක් මෙතෙක් සාර්ථක වී නොමැත.
එවන් තත්වයක් තුළ රජය කෙරෙහි මතුවන විරෝධය සමතුලිත කිරීමේ අරමුණින්න මැයි 09දා සිදු කළ ක්‍රියාවට සමාන ක්‍රියාවක් සිදු කර රට තුළ ගැටුම්කාරී වාතාවරණයක් ඇති කිරීම හරහා රට වසා දැමීමට ආණ්ඩුව සැලසුම් කරමින් ඇත. ඉන්ධන, සහල්, පොහොර ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය නොමැතිකම හේතුවෙන් රට වසා දැමුව හොත් එහි සම්පූර්ණ වගකීම රජයට පැවරෙන අතර, යම් ගැටුමක් නිර්මාණය කර ඒ හරහා හදිසි නීතිය හා ඇඳිරි නීතිය පනවා එමගින් රට වසා දැමීමේදී එහි වගකීම වෙනත් පාර්ශව වෙත යොමු කර රජය නිදහස් වීම මෙහි අරමුණ වී ඇත.
කෙසේ වෙතත් මැයි 09දා සිදුවීම පවා මේ වන විට විවිධ පාර්ශව වෙත යොමු කර ඇති අතර, ගැටුම නිර්මාණය කළ මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තු සභාවාරයන්ට සහභාගීවීම, නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා විදුලිබල අමාත්‍යාංශ ගැටළු සඳහා මැදිහත්වීම දක්වා තත්වය සමනය කිරීමට රජය කටයුතු කළේ ගැටුම් ඇති කළ මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිස් එයින් ගලවා අරගලයට දෙසට චෝදනා එල්ල කරමිනි.
මෙම තත්වයේ මූලික පියවර ලෙස මේ වන විට ගෝඨාගෝගමට විශේෂ හමුදා බලඇණි යොදවා ඇති අතර, මාර්ග අවහිර කළ බවට චෝදනා කරමින් මේ වන විටත් ගෝඨාගෝගම අරගලයේ නිරත 21 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.