Posted on 09.14.2017 by Lahiru Umayangana in දේශීය පුවත් with 0 Comments
බෝගම්බර දුම්බර බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් අද(14) දින සිට ආහාර වර්ජනය කරමින් විරෝධතාවයක නියැලෙන බව වාර්තා වේ.
මෙලෙස ආහාර වර්ජනයේ නියැලෙන්නේ මරණීය දණ්ඩනය නියම වී තිබෙන සිරකරුවන් සහ ජීවිතාන්තය දක්වා සිරදඬුවම් විදින රැඳවියන් වේ.
සමාලෝචනය යටතේ මරණීය දණ්ඩනය නියම වූ සිරකරුවන්ට ජීවිතාන්තය දක්වාත් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියමුවන්ට වසර 20 ක සිර දඬුවමක්ද ක්‍රියාත්මක කළ හැකි ආකාරයේ ප්‍රතිපාදන තිබුණත් ඒවා සාධාරණ ලෙස ක්‍රියාත්මක නොවීමට විරෝධය දැක්වීම සහ තවත් ඉල්ලීම් කිහිපයක් වෙනුවෙන් රැඳවියන් මෙලෙස විරෝධතාවයේ නියැලෙන බවත් අදාළ ඉල්ලීම් සම්බන්ධයෙන් කඩිනම් ක්‍රියාමාර්ග ගැනීමට ආණ්ඩුව අපොහොසත් වේ නම් ඉදිරියේදී සියළු බන්ධනාගාරවලද මෙම ආහාර වර්ජනය ව්‍යාප්ත වීමේ අවදානමක්ද පවතින බවත් බන්ධනාගාර රැදවියන්ගේ අයිතීන් සුරැකීමේ කමිටුව සඳහන් කරයි.