Posted on 06.10.2018 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
පසුගියදා ඉන්ධන මිල ඉහළ දැමූ වත්මන් අාණ්ඩුවට, ධීවර ජනතාව විසින් දිගින් දිගටම ගෙන ගිය විරෝධතා හමුවේ ධිවර ජනතාව භාවිතයට ගන්නා භූමිතෙල් මිල පහළ දැමීමට සිදුව අැත.
මුදල් අමාත්‍යංශයෙන් ධීවර අමාත්‍යංශය කළ ඉල්ලීමක් අනුව බව දක්වමින් මෙම මිල අඩු කිරීම රු.101 සිට රු. 70-80 අතර මිලකට අඩු කරන්නට නියමිත බව මුදල් අමාත්‍යංශ මූලාශ්‍ර පවසයි. ධිවර ජනතාවට මෙන්ම සාමාන්‍ය ජනතාව අතුරින් සැලකිය යුතු පිරිසක් සිය බලශක්ති මූලාශ්‍රය ලෙස යොදාගන්නේ භුමිතෙල්ය. අාණ්ඩුව විසින් ලෝක වෙළදපොළේ අමු තෙල් ඉහළ යාම හේතු ලෙස දක්වමින් ඉන්ධන මිල ඉහළ දැමුවද ලොක් වෙළදපොළෝ මිල පහත වැටෙන විට ඒහි වාසිය ළගා කර දෙන්නේ නැත. මෙම තත්වය තුළ ධීවර ප්‍රජාව සංවිධානාත්මකව ගෙනගිය විරෝධතාවලට අනුව මිල පහත හෙලන්නට අාණ්ඩුවට සිදු විය.