Posted on 06.21.2018 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
ඒක්සත් රාජධානියේ වාසය කරන ලාංකිකයන් විසින් පසුගිය ජූනි 17 වැනිදා ජාති, අාගම් අාදි පටු බේද වෙනුවට පොදු ලාංකීය මනෝභාවයකින් ඒක්වී වසන්ත උත්සවයක් පැවැත්වූ සතුටුදායක පුවතක් වාර්තා ෙව්.
එක්සත් රාජධානියේ Watford නාගරිකයේ පවත්වනු ලබන බක්මහ අවුරුදු සැණකෙළිය මෙවර පැවත් වූයේ අප්‍රේල් මස නොව පසුගිය සතියේදීය. ලාංකිකයෝ පසුගිය ජුනි 17 වනි ඉරිදා Watford හි Holywell Community මධ්‍යස්ථානයේ පැවති මෙම සැනකෙළියට ඒක්ව සිටියේ බ්‍රිතාන්‍යයේදී සාමාන්‍යයෙන් දක්නට ලැබෙන ලාංකීය අවුරුදු උත්සවයක් වෙනුවෙන් නොවේ. ඒය ලංකාවේ සිංහල දෙමළ අලුත් අවුරුදු සමයට මාන්තරව එක්සත් රාජධානියය වසන්ත සමය උදාවීමත් සමග පවත්වනු ලබන උත්සව සැනකෙළියක් වුවද මෙවර උත්සවය වෙනස් අාකාරයකින් හා වානස් අරමුනකින් සංවිධානය කිරීමට Watford ශ්‍රී ලාංකීය ප්‍රජා සංවිධානය සහ අගෝරා කලා සංවිධානය කටයුතු කර තිබිණි .
‘එක අහසක් යට’ යන තේමාව ඔස්සේ පැවති උත්සවයේ විශේෂත්වය සලකුණු කරමින් දවසපුරා පැවති සැනකෙළියට, සිංහල, තමිල්, මුස්ලිම් දරු දැරියන් හා තරුණ තරුණියන් වැඩිහිටියන් ඒක්ව ලාංකීය ජන ක්‍රීඩා ඇතුළු ප්‍රසංගයන්ට ඉතා උද්‍යෝගිමත් ලෙස සහභාගී වනු දක්නට ලැබිණි.
හැරෝ ප්‍රදේශයේ නගරාධිපතිනිය ලෙස පසුගියදා තේරී පත්වුණු, ලාංකික මුස්ලිම් කාන්තාවක් වන කරීමා මරික්කාර් භාෂා තුනෙන්ම සභාව අමතමින් මෙවැනි කටයුත්තක වැදගත්කම අගය කළාය. අැය විසින් පැමිණ සිටි ලාංකික නොවන ජනතාවට ලංකාව නමැති සුන්දර දිවයිනේ සංචාරය කරන ලෙසද ආරාධනය කළාය.
රෙඩ්ලි සිල්වාගේ විදී නාට්‍යය
Posted by Sam Mer on Sunday, June 17, 2018
ක්‍රිස් ඩන්ලොප් ප්‍රමුඛ ‘ගෘවී කලෙක්ටිව්’ කණ්ඩායම.
ඕලු නාට්‍ය කණ්ඩායම
මනෝහාරී කරුණාකරන්
කූගන් විසින් ඉදිරිපත් කරන ලද නාට්‍යය
සොලිඩ් වාදක කණ්ඩායම