Posted on 02.19.2018 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
මෙවර පළාත්පාලන මැතිවරණයේදී ලබාගත් ඡන්ද සංඛ්‍යාවට අනුපාතික හිමිවන මන්ත්‍රිධුර සංඛ්‍යාවට වඩා වැඩි කොට්ඨාස ප්‍රමාණයක් හිමිවීමෙන් අතිරේක සභිකයන් ප්‍රමාණයක් පත් කිරීමට සිදුවන නිසා මෙවැනි සභිකයන් පිරිසක් වැඩි වී අැත.
ඒම හේතුවෙන් මෙවර පළාත්පාලන අායතනවලට සමස්තයක් ලෙස අතිරේක සභිකයින් 364 දෙනෙකු තේරී පත්වී තිබේ. දැනට වාර්තාවන තොරතුරු අනුව කිලිනාච්චිය දිස්ත්‍රික්කයෙන් ඒවැනි අමතර සභිකයන් පත්ව නොමැති නමුත් වැඩිම අමතර සභික සංඛ්‍යාවක් තේරී පත්ව අැත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙනි. ඒ අනුව කලින් 8356ක් බව ගණනය කෙරුණු මෙවර සමස්ත සභිකයන් සංඛ්‍යාව 8689 දක්වා ඉහළ යනු ඇති බව පැෆ්රල් සංවිධානය නිකුත්කළ නිරීක්ෂණයක සදහන් වේ.
මෙවර පළාත්පාලන මැතිවරණයේ සභික සංඛ්‍යාව නොවැම්බර් 01වැනිදා ප්‍රකාශයට පත් කළ අංක 2043/56 සහ 57 යන අංක දරණ ගැසට් පත්‍රවල ප්‍රසිද්ධියට පත් කර තිබුනු අාකාරයට අනුව පළාත්පාලන ආයතන සංඛ්‍යාව 336 සිට 341 දක්වා ඉහල දමන ලදී. ඒ් සමගම මෙතෙක් 4486 ක් වූ සභිකයන් සංඛ්‍යාව 8356 දක්වා ඉහළ දමන ලදී.