தமிழ்
English
Contact
Wednesday 20th July 2022    
අගමැති අපේක්ෂකයාට බහුතර එකඟතාවයක් | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

අගමැති අපේක්ෂකයාට බහුතර එකඟතාවයක්



ඊයේ (14) පැවති පක්ෂ නායක රැස්වීමේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (SLPP) හා ස්වාධීන පක්ෂවල නියෝජිතයන් විසින් අග්‍රාමාත්‍ය ධූරය සඳහා වන “පොදු” අපේක්ෂකයා සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණ ඇති බව වාර්තා වේ. ඒ අනුව සමගි ජන බලවේගය (SJB), ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය (SLMC), දෙමළ ප්‍රගතිශීලී සන්ධානය (TPA), දෙමළ ජාතික සන්ධානය (TNA), ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුමගේ කණ්ඩායම, අපේ ජන බලය ජනතා පක්ෂය සහ ලංකා කම්කරු කොංග්‍රසය (CWC) මීළඟ අග්‍රාමාත්‍යවරයා ලෙස පොදු අපේක්ෂකයෙකු පත් කිරීම සම්බන්ධයෙන් එකගතාවයකට පැමිණ ඇත.

මෙම කණ්ඩායම් රැස්වීමෙන් අනතුරුව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ අද දින පාර්ලිමේන්තුවේදී කතානායකවරයා පක්ෂ නායකයින් හමුවීමට නියමිත බවත්, එහිදී අග්‍රාමාත්‍ය අපේක්ෂකයාගේ නම අද කථානායක වෙත යෝජනා කරන බවයි.

මේ අතර සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා පවසා ඇත්තේ ජනාධිපති ධූරය සඳහා තමන්ගෙන් බොහෝ දෙනා ඉල්ලා ඇති බවත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මීළඟ අගමැති ධූරය සඳහා තමාට දැනටමත් ආරාධනා ලැබී ඇති බවයි. ඊයේ (14) දින පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වමින් සරත් ෆොන්සේකා පවසන්නේ ජනාධිපති අපේක්ෂකත්වය සඳහා තමන්ව දැනටමත් ස්ථිර කර ඇති බවත්, එය භාර ගැනීමට තමන් සූදානම් බවත්, මෙයින් කිසි සේත්ම තමන් පක්ෂය මාරු කිරීමක් සිදු නොවන බවයි.

වැඩිදුරටත් එහිදී අදහස් දක්වමින් සරත් ෆොන්සේකා පැවසුවේ ජනාධිපතිවරයාගේ වගකීම තමා වෙත පැවරුවහොත්, ජයගත නොහැකි ප්‍රශ්නයක් නොවන බව තමා විශ්වාස කරන වත්මන් අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් තමාට විශ්වාසයක් ඇති බවත්, තමන්ට ජනාධිපති ධූරය ලැබුණොත් අනිවාර්යයෙන්ම සාමාන්‍ය ජනතාවට ඇහුම්කන් දෙමින් කටයුතු කරන බවත්ය.




Related News