தமிழ்
English
Contact
Monday 6th May 2019    
‘සිංහල, දෙමළ, මුස්ලිම්, අපි මිනිස්සු! තවත් යුද්ධයක් එපා! ' - සම අයිතිය ව්‍යාපාරයෙන් විරෝධතාවක් | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

‘සිංහල, දෙමළ, මුස්ලිම්, අපි මිනිස්සු! තවත් යුද්ධයක් එපා! ‘ – සම අයිතිය ව්‍යාපාරයෙන් විරෝධතාවක්



ජාතිවාදී ප‍්‍රචණ්ඩ ක‍්‍රියා හෙළා දකිමින්, ‘තවත් යුද්ධයක් එපා! සිංහල, දෙමළ, මුස්ලිම්, අපි මිනිස්සු!’ යන තේමාවෙන් සම අයිතිය ව්‍යාපාරය සංවිධානය කළ විරෝධතාවක් අද සවස 4.00ට කොළඹ කොටුව දුම්රියපෙළ ඉදිරිපිට පැවැත්විණි.
ජාතිවාදී ගැටුම් නතර කරන ලෙසත් පීඩිත ජනයා සමගිව අයිතීන් දිනාගැනීමට පෙළ ගැසෙන ලෙසත් බල කරමින් මෙම විරෝධතා රැළියට වාමාංශික පක්ෂ නියෝජිතයන්, කලාකරුවන්, වෘත්තිකයන්, කාන්තා, ශිෂ්‍ය, භික්ෂු, කම්කරු ආදි විවිධ බලවේග නියෝජනය කරමින් සංවිධාන නියෝජිතයන් රැසක් සහභාගි වූහ.