தமிழ்
English
Contact
Tuesday 23rd October 2018    
අඛණ්ඩ සටනක ප්‍රතිඵලයක් ලෙස රාජ්‍ය සරසවි පද්ධතියට නව පීඨ 4ක් | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

අඛණ්ඩ සටනක ප්‍රතිඵලයක් ලෙස රාජ්‍ය සරසවි පද්ධතියට නව පීඨ 4ක්



ලංකේය ශිෂ්‍ය ව්‍යාපරය ප්‍රමුඛ ප්‍රගතිශීලී බලවේග විසින් අඛණ්ඩව සිදු කරමින් තිබෙන නිදහස් අධ්‍යාපනයත් අධ්‍යාපනයේ නිදහසත් දිනා ගැනීමේ සටනේ තවත් ජයග්‍රාහී ප්‍රතිඵලයක් ලෙස නව වෛද්‍ය පීඨ 2ක් මෙන්ම ඉංජිනේරු තාක්ෂණවේද සහ ජෛව පද්ධති තාක්ෂණවේද යන පීඨ මේ වසරේ සිට රාජ්‍ය සරසවි පද්ධතියට එක් වීමට නියමිතව ඇත.

මේ අනුව සබරගමුව සරසවිය සඳහා නව 2017/2018 අධ්‍යන වර්ෂයට අදාලව වෛද්‍ය පීඨයක් සහ ඉංජිනේරු තාක්ෂණවේද සහ ජෛව පද්ධති තාක්ෂණවේද යන පීඨ අලුතින් එක් වෙනු ඇත. මීට අමතරව වයඹ සරසවිය සඳහා එම අධ්‍යන වර්ෂය සඳහා තවත් වෛද්‍ය පීඨයක් එකතු වීමට නියමිතය. මෙම නව පීඨ සඳහා 2017/2018 අධ්‍යන වර්ෂය වෙනුවෙන් සිසුන් 75 බැගින් සිසුන් 300ක් මේ අනුව බඳවා ගැනීමට නියමිතව ඇත.

අධිරාජ්‍යවාදී අරමුණු වෙනුවෙන් සුබසාධන සේවා වලින් බැහැරවෙමින් අධ්‍යාපනය සාතිශය බහුතරයක් වූ ජනතාවගෙන් පිටමන් කර එය වෙළඳ භාණ්ඩයක් ලෙස ඉහළ වරප්‍රසාධිත පිරිසකට සිමා කිරීමට බලයට පත් වූ සෑම ආණ්ඩුවක්ම හැකි උපරිමයෙන් කටයුතු කල බව ඉතිහාසය අධ්‍යයනය කිරීම තුළින් ඉතා හොදින් තහවුරු කර ගත හැක. මෙවන් ආණ්ඩු රාජ්‍ය සරසවි පද්ධතිය කිසිලෙසකින් හෝ ශක්තිමත් කිරීමට සිය දායකත්වය කැමැත්තෙන් ලබා නොදෙන බවත් මෙලෙස රාජ්‍ය සරසවි පද්ධතිය යම් තාක් දුරකට හෝ පුළුල් වීම ප්‍රගතිශීලී බලවේග විසින් අධ්‍යාපනයේ සම අවස්ථා පුළුල් කරන ලෙස අඛණ්ඩව සිදු කරමින් තිබෙන අරගලයේ ප්‍රතිඵලයක් බවත් නිවැරදි දිශානතියකින් යුතුව අයිතීන් වෙනුවෙන් සිදු කරන සටන් තුළින් ජයග්‍රහණ යතාර්ථයක් වන බවත් මෙවන් නිදසුන් පැහැදිලි කරනු ඇත.