தமிழ்
English
Contact
Wednesday 22nd May 2019    
ඉන්ධන ගොඩබෑමේ නලයක් බිදීයාමෙන් පැය 4ක් මුහුදට ඉන්ධන මුදා හැරලා! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ඉන්ධන ගොඩබෑමේ නලයක් බිදීයාමෙන් පැය 4ක් මුහුදට ඉන්ධන මුදා හැරලා!



ඊයේ(17) මුතුරාජවෙල තෙල් සංකීර්ණයට අමු තෙල් ගෙනයන නලයක් බිදීයාම නිසා ඉන්ධන සපයන නෞකාවකින් පැය 4කට අාසන්න කාලයක් නිකුත් කළ ඉන්ධන පමුනුගම මුහුදට මුදා හැර ඛනිජ තෙල් සංස්ථාවට අධික පාඩුවක් සහ විශාල පාරිසරික හානියක් සිදුකර අැත.

පෙරවරුවේ අදික මිහිදු රළ නිසා නලයක් බිදවැටි පමුනුගම වෙරලට ගොඩබා තිබීමෙන් පසුව ෙම් තත්වය හදුනාගෙන අැති අතර මුහුදේ නවතා අැති ඉන්ධන නැවෙන් ඒක් දිගට නිකුත්කරන ඉන්ධන සැපයුම වහාම නතර කරන්නට පියවර ගෙන අැත්තේ පස්වරු 1.30ට පමණ බව වාර්තා වේ. ඒහිදී අපතේ ගිය ඉන්ධන ප්‍රමාණය රුපියල් මිලියන 50ක් පමන වනබවට ගනනා් බලා අැතත් ඒයින් සිදුවන පාරිසරික හානිය මෙතෙක් ගණනය කර නැත.

සාමාන්‍යයෙන් ඉන්ධන සැපයුම් නැව් ගැඹුරු මුහුදේ නවතා ඉන්ධන සැපයුම් බෝයාවක් හරහා ගොඩබිම අැති ෙතෙල් ගබඩා ටැංකිවලට පොම්ප කරනු ලබයි. ඒහිදී නැවේ අැති දර්ශකවලින් ඉන්ධන නිකුත්වන ප්‍රමාණය හා පීඩනය වාර්තා කරමින් සපයන ඉන්ධන ප්‍රමාණය පාලනය කරයි. ඒහෙත් මුතුරාජවෙල ඉන්ධන තංකීර්ණයට සපයනු ලබන ඉන්ධන පාලනය පිළිබද වගකිව යුතු නිලදාරින් ඒදින සපයන තෙල් ප්‍රමානය සහ පොම්පයේ ක්‍රියාකාරිත්වය පිලිබද අවධානයෙන් නොසිටිම නිසා මෙම විනාශකාරි තෙල් අපතේ යාම සිදුව අැත.