Posted on 12.27.2017 by Lahiru Umayangana in දේශීය පුවත් with 0 Comments
කෘෂිකාර්මික ජිවනෝපාය සහිත ගම්මාන වල ජීවත්වන කාන්තාවන්ගේ හිස කෙස් වල කෘමිනාශක කොටස් පවතින බව රජරට විශ්වවිද්‍යාලය සිදුකරන ලද පර්යේෂණයක් මඟින් තහවුරු වී ඇත.
අදාළ පර්යේෂණය සඳහා රාජාංගනය ප්‍රදේශයේ ගොවිතැනෙහි නිරත නොවන කාන්තාවන් පමණක් යොදාගෙන ඇති අතර ඔවුන්ගේ හිසකෙස් තුල ඔර්ගනොපොස්පෙට් (Organophosphate) නමැති අධික විෂ සහිත රසායනික ද්‍රව්‍ය තැන්පත්ව ඇති බව අදාළ පර්යේෂණය තුළින් අනාවරණය වී ඇත. ග්‍රීසියේ ක්‍රීට් දූපතේ පර්යේෂණාගාරයක් තුළදී කෘෂි රසායනික ද්‍රව්‍ය පිළිබඳව පර්යේෂණය කරන මහාචාර්යවරුන් පිරිසකගේද සහාය ඇතිව මෙම පර්යේෂණය සිදු කල බවත් මේ අනුව කෘෂිකාර්මික කටයුතුවල නිරතවන කාන්තාවන් සහ පිරිමින්ගේ ශරීරවලට අදාළ රසායනික කොටස් විශාල වශයෙන් ඇතුළුවන බවට කිසිඳු සැකයන් නොමැති බව රජරට වෛද්‍ය පීඨයේ මහාචාර්ය චන්න ජයසුමන සඳහන් කර සිටී.
ජීවිතය උදෙසා බහුජාතික සමාගම්වල ගොදුරු බවට පත්වෙමින් ඔවුන්ගේ ලාභය වෙනුවෙන් ජීවිත මෙන්ම නූපන් පරපුරක උරුමයද අහිමි කරගැනීමට සිදුව ඇත බව මේ හරහා වඩාත් හොදින් තහවුරු වී ඇත.