Posted on 10.24.2020 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
කොළඹ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළට මසුන් රැගෙන ගිය ධීවර ව්‍යාපාරිකයින් සහ රියැදුරන් 40 දෙනෙකු සඳහා අද (24 ) කල්පිටිය රෝහලේ දී පී.සී.ආර්.පරීක්ෂණ සිදු කරමින් සිටියදී එක් පුද්ගලයකු හදිසියේ මියගිය බව කල්පිටිය පොලිසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ 32 හැවිරිදි කන්දකුලිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු බව පොලිසිය කියයි.
මෙම පුද්ගලයා පසු ගිය 21 වැනිදා පෑලියගොඩ මත්ස්‍ය වෙළදපොළට මසුන් රැගෙන ගොස් ඇති අතර මොහු පී.සී.ආර්.පරීක්ෂණයට හාජනය කිරීමට පෙර හදිසියේම මිය ගොස් ඇත.
මිය ගිය පුද්ගලයාගේ දේහය ද පී.සී.ආර්.පරීක්ෂණයට හාජනය කර සුරක්ෂිතව පුත්තලම රෝහළේ මෘත ශරීරාගාරය්ට යොමු කරන අතර පී.සී.ආර්.වාර්තාව අනුව මරණ පිළිබදව ඉදිරි කටයුතු සිදු කරන බව පොලිසිය පවසයි.