தமிழ்
English
Contact
Wednesday 22nd May 2019    
සිංහරාජ අලින් අල්ලන්න සරත් ෆොන්සේකා දුන් නියෝගය ජනාධිපති අවලංගු කරයි! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

සිංහරාජ අලින් අල්ලන්න සරත් ෆොන්සේකා දුන් නියෝගය ජනාධිපති අවලංගු කරයි!



සිංහරාජ වනාන්තරය තුළ දැනට ඉතිරිව සිටින තෙත් කලාපීය වන අලින් දෙදෙනා සොයා වනජීවි නිලධාරින් ක්‍රියාත්මක මෙහෙයුම් ජනාධිපතිවරයා ලබාදුන් උපදෙස් මත නතර කිරීමට තීරණය කර අැත.
ඊයේ(16) පස්වරුවේ වනජීවී දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍යවරු සිංහරාජ වනාන්තරයේ සිටින අවසන් තෙත් කලාපීය වන අලි දෙදෙනා සෙවීමේ මෙහෙයුම ආරම්භ කළහ. අධික වර්ෂා තත්වයද නොතකා වනජීවි නිලධාරීන් වන අලීන් දෙදෙනා ගැවසෙන සයිප්‍රස්වත්ත ප්‍රදේශයට ගොස් එම අලින් නිර්වින්දනය කිරීම පිළිබඳව සොයා බලන ලදී. ඒහෙත් ජනාධිපතිවරයාගේ නියෝග මත අද උදාසෑන වන අලීන් සෙවීමේ මෙහෙයුම් නතර කරන ලෙසට වනජීවි නිළධාරීන්ට උපදෙස් දුන් බව තිරසර සංවර්ධන, වනජීවී සහ ප්‍රාදේශීය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම පවසයි. මින් පෙර ජනමාධය වෙත ප්‍රකාශයක් ලබා දෙමින් සිංහරාජ රක්ෂිත වනාන්තරයේ සිටින අලි දෙදෙනා ඉවත් කිරීම සඳහා සියලු පියවර ගෙන ඇති බව තිරසර සංවර්ධන, වනජීවී හා ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය සරත් ෆොන්සේකා ප්‍රකාශ කර තිබිණි. ඔහු ප්‍රකාශ කළේ කුමන ප්‍රදේශයක සිටියද වනජීවීන්ගේ ආරක්ෂාව තමාගේ අමාත්‍යංශයට පවතින බැවින් මෙම පියවර ගන්නා බවයි. ඒහෙත් ජනාධිපතිවරයාගේ නියෝග මත ඒම පියවර අවලංගු වී අැත.