Posted on 11.30.2020 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
මහජන ආරක්ෂක රාජ්‍ය ඇමති ලෙස සරත් වීරසේකර අද (30) වැඩ භාර ගත් අවස්ථාවේ කළ ප්‍රකාශය පාතාල හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට කළ අභියෝගයක් ලෙස මාධ්‍ය මගින් වාර්තා කරන ලදී.
මෙරට එක් නීතියක් හා විනයක් ඇතිකරන බව පොරොන්දු වෙමින් වසරකට පෙර පත් වූ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ආරක්ෂක අමාත්‍යංශය භාරගන්නට නොහැකි ව්‍යවස්ථාමය බාධාවකට මුහුණ දී සිටියේය. වසරකට පසුව ආරක්ෂක අමාත්‍යංශයේ වගකීම සමග මහජන ආරක්ෂාව සඳහා වෙනම අමාත්‍යංශයක් නම් කරමින් සරත් වීරසේකර ඊට නම්කර ඇත.
ඇමති තනතුරේ වැඩ භාරගත් සරත් වීරසේකර මෙරට පාතාලයේ යැයි කියන අයට වහාම අවි භාර දෙන ලෙසත් එසේ නොකරන්නේ නම් කළ යුතු දේ තමන් විසින් ක්‍රියාත්මක කරන බවත් රාජ්‍ය ඇමතිවරයා පැවසීය. ‘අද සිට කප්පම් ගැනීම නැවැත්විය යුතුයි’ යනුවෙන් ඔහු විසින් කප්පම් ගැනීම් සම්බන්ධයෙන් කළ ප්‍රකාශය විශේෂ විය. මේ වනවිටත් මෙරට කප්පම් ගැනීම් නවත්වන්නට හෝ පාතාල කණ්ඩායම් සෙ හඳුන්වන මත්ද්‍රව්‍ය හා දේශපාලන ජවාරම්කරුවන් නවතාලීමට ආණ්ඩුව අසමත්ව ඇති බව එයින් කියැවේ.
රාජ්‍ය ඇමතිවරයා පවසන්නේ තමන් විසින් ගෙන යන ක්‍රියාවලිය පසුගිය කාලයේ ආණ්ඩු ගණනාවක් පාතාල හා මත්ද්‍රව්‍ය නවතා දමන බවට දුන් පොරොන්දුවලට වඩා වෙනස් වන්නේ කෙසේදැයි ඇමතිවරයා සිය ක්‍රියාවෙන් සනාථ කරනු ඇත.