தமிழ்
English
Contact
Wednesday 21st August 2019    
බල අරමුණු යටතේ අටවපු උගුලක රටම හිරවෙලා! - පුබුදු ජයගොඩ | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

බල අරමුණු යටතේ අටවපු උගුලක රටම හිරවෙලා! – පුබුදු ජයගොඩ



පාර්ලිමේන්තුව විසින් සම්මත කළ පනතකින් පළාත් සභා මැතිවරණය පැවැත්වීමට නොහැකි තත්වයක් ඇතිව තිබෙන්නේ එම පනත් දේශපාලන උගුල් ඇටවීමක ස්වරූපයෙන් සිදුකිරීම නිසා බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි.

පෙ.ස.ප. අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මේ බව පැවසුවේ පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් අධිකරණයේ මතය විමසන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටීමට මැතිවරණ කොමිසම කටයුතු කිරීම සම්බන්ධයෙන් අදහස් පළ කරමිනි. පළාත් සභා මැතිවරණය පැවැත්වීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණ මතය විමසන ලෙස මැතිවරණ කොමිසම විසින් ජනාධිපතිවරයාගෙන් කළ ඉල්ලීම ගැන ජනමාධ්‍ය වෙතින් කළ අදහස් විමසීමකදී ඔහු පැවසුවේ පාර්ලිමේන්තුවේ සම්මත කළ නීතියකින් ගැටලුකාරී තත්වයක් උද්ගතව ඇති තතු යටතේ එයින් පරිබාහිරව කටයුතු කිරීමට නව පනතක් සම්මත කිරීමට පවා හැකි බවය. එසේ තිබියදී එවැන්නකට යාමටද පාර්ලිමේන්තුවේ කිසිදු දේශපාලන පක්ෂයක් කැමැත්තක් නොදක්වන්නේ බල අරමුණු මිස ප්‍රජාන්ත්‍රවාදී අයිතිවාසිකම් පිළිබද තැකීමක් නැති නිසා බව ඔහු පෙන්වා දෙයි. පළාත් සභා මැතිවරණය පවත්වන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගයක් කළත් පවත්වන මැතිවරණ ක්‍රමය ගැන නැවත ප්‍රශ්නයක් මතුවීම හේතුව යැයි පෙ.ස.ප. අ්‍යාපන ලේකම්වරයා පවසයි.

ඔහු සිය අදහස් මාධ්‍ය වෙත පළ කරමින් මෙසේ ද කීය.

“ජනාධිපති මෙතැනදි ශ්‍රේෂ්ඨාධිකරණ මතය විමසීමේ කිසි තේරුමක් නෑ. මොකද දැන් පළාත් සභා මැතිවරණ පැවැත්වීමට නොහැකි වී තිබෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණ මතය නොදන්න නිසා නෙවෙයි. නව ඡන්ද ක්‍රමයකට තමයි පළාත් සභා ඡන්දය පවත්වන්නේ යැයි මුලින්ම පනතක් සම්මත කළේ පාර්ලිමේන්තුවෙන්. මේ නිසා පරණ ක්‍රමයට ඡන්දය තියන්නත් බෑ. ඒකට හදපු සීමා නිර්ණය වාර්තාව ඒක හදන්න මුල්වෙච්ච ඇමැති ෆයිසර් මුස්තාෆාගේ ඉදලා සියල්ලෝම එකතු වෙලා පැරැද්දුවා. ඒක මහ විහිළුවක්.

මේ නිසා අලුත් ක්‍රමයට ඡන්දය තියන්නත් බෑ. මේක පාර්ලිමේන්තුවෙන් අටවපු නීතිමය උගුලක්. මේක කොමිසමටවත් අධිකරණයටවත් බේරන්න බෑ. මොකද මැතිවරණය තියන්න කියලා ශ්‍රේෂ්ඨාධිකරණය කිව්වත් කොට්ඨාස සීමාව නොදැන නැවතත් ඡන්දය තියන්න බෑ. මේක බෝලෙ තියෙන්නේ පාර්ලිමේන්තුවේ. පාර්ලිමේන්තුවට පුළුවන් සීමා නිර්ණය අවසන් වනතුරු පරණ ක්‍රමයට ඡන්දය තියනවා කියලා නීතියක් සම්මත කරන්න. හැබැයි ඒ යෝජනාව ආණ්ඩුවෙන්වත් විපක්ෂෙන්වත් ගේන්නේ නෑ. මොකද මේ කාටවත් ඡන්ද ඕන නෑ. ඡන්දවලට මේ හැමෝම බයයි. මේක දේශපාලන අර්බුදයක්. මේවා කොමිෂන්වලින් බේරන්න බෑ.“