தமிழ்
English
Contact
Saturday 4th May 2019    
සියලු ප්‍රශ්න විසදන ජනාධිපතිට දුම්රියෙන් බාධා! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

සියලු ප්‍රශ්න විසදන ජනාධිපතිට දුම්රියෙන් බාධා!



ඉක්මන් ජනාධිපතිවරණයකට යාමේ අදහසින් ‘ජනප්‍රිය නායක‘ භූමිකාවකට පණ පොවමින් සිටින ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් දුම්රිය සේවක වර්ජනය මාස දෙකකට කල් දමන ලෙස ඉල්ලා සිටියද දුම්රිය සේවක සමිති එය ප්‍රතික්ෂේප කර ඇත.

ඒ අනුව, දුම්රිය වෘත්තීය සමිති සිය වැටුප් ගැටළුවට නිසි විසඳුමක් නොලැබීම හේතුවෙන් අගෝස්තු මස 29 වන දින මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි වර්ජනයක් දියත් කිරීමට තීරණය කර තිබේ.

දුම්රිය රියදුරන්, පාලකවරුන්, නියාමකවරුන් සහ ස්ථානාධිපතිවරුන් නියෝජනය කරන වෘත්තීය සමිති නියෝජිතයින් සිය වැටුප් ගැටළුව සම්බන්ධයෙන් සාකච්ඡාවක් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (23) පැවැත්විණි. මින් පෙර අවස්ථා දෙකකදී ජනාධිපතිවරයා ඔවුන්ගේ ප්‍රශ්න විසදන්නට කල් ලබා ගත් අතර මෙවර ද සාකච්ඡාව අසාර්ථක වූ බව මාධ්‍ය වෙත අදහස් දැක්වූ දුම්රිය වෘත්තීය සමිති නියෝජිතයෝ ප්‍රකාශ කළහ.