Posted on 05.06.2018 by Chandana Sirimalwatte in උණුසුම් පුවත් with 0 Comments
පළාත්පාලන මැතිවරණය පරාජය වීමෙන් 16 දෙනකු ඉවත්වීමට තීරණය කිරීම නිසා අාණ්ඩුව පිරිසිදු කරන පොටක් පෑදුණ බවද 16 දෙනා ඉවත් කළ යුතු බව තම මතය බවද අැමති රාජිත සේනාරත්න පවසයි.
අද(6) සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේ ඒක්සත් ජාතික පක්ෂ මැයි රැලිය අමතමින් අැමතිවරයා මේ බව පැවසීය. විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය දීමෙන් පසුව ඔවුන්ට තමන් ප්‍රසිද්ධියේ පැවසූ දෙයින් අාණ්ඩුවේ ඉන්නට සදාචාරාත්මක ඉඩක් නොමැති නිසා විපක්ෂයට ඒක්වන්නට තීරණය කළ බවද රාජිත සේනාරත්න පැවසීය. ඒහිදි “ඩොක්ටර්ගෙ කතාව නිසා වැඩේ පහසු වන බව” ජනාධිපතිවරයාද පැවසූ බව ඔහු අනාවරණය කළේය.