Posted on 07.15.2022 by Sajith Saranga in දේශීය පුවත් with 0 Comments
රාජ්‍ය ආයතන 42ක් ආරක්ෂක අමාත්‍යංශය යටතට පවරමින් වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඊයේ (ජූලි 14) සිට බල පැවැත්වෙන පරිදි අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරනු කර ඇත. මෙම අතිවිශේෂ ගැසට් පත්‍රහ මගින් පෞද්ගලික ආරක්ෂක සේවා සම්බන්ධ කටයුතු, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, කොළඹ වරාය නගරය, ආර්ථික කොමිෂන් සභාව, මහ කොළඹ ආර්ථික කොමිෂන් සභාව, රණවිරු සේවා අධිකාරිය, රක්නා ආරක්ෂක ලංකා සමාගම ඇතුළු ආයතන 42ක් ආරක්ෂක අමාත්‍යංශය යටතට පත්කර ඇත.
මෙම ආයතනවලින් බහුතරයක් මීට පෙර ගෝඨාභය රාජපක්ෂ විසින් හිටපු අමාත්‍ය ධම්මික පෙරේරා වෙත ලබා දුන් ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයට යටත් කර තිබිණි. රනිල් වික්‍රමසිංහ විසින් මෙම ගැසට් පත්‍රය නිකුත් කර ඇත්තේ ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල ක්‍රියාත්මක කරමින් වැඩබලන ජනාධිපති රනිල් ලෙස ය. කෙසේ වෙතත් රනිල් වික්‍රමසිංහ නීත්‍යානුකූලව වැඩ බලන ජනාධිපතිවරයා ලෙස අගවිනිසුරු ජයන්ත ජයසූරිය ඉදිරියේ දිවුරුම් දුන්නේ අද (15) මධ්‍යාහනේ වන අතර, මෙම ගැසට් පත්‍රය නිකුත් කරන ලද්දේ නීත්‍යානුකූල දිවුරුම් දීමට පෙර වන අතර, එහි බල පැවැත්වෙන දිනය ලෙස දක්වා ඇත්තේ ද ඊයේ (14) දිනයයි.




