தமிழ்
English
Contact
Friday 3rd May 2019    
රුහුණ විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගම් ලේකම්වරයා රක්ෂිත බන්ධනාගාර ගතකෙරේ | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

රුහුණ විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගම් ලේකම්වරයා රක්ෂිත බන්ධනාගාර ගතකෙරේ



රුහුණ විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමයේ ලේකම් තාරක සඳරුවන් මාතර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර පසුව මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගර ගත කිරීමට නියෝග කර ඇති බව වාර්තා වේ.

මාලඹේ SAITM ආයතනය අහෝසි කරන ලෙස ආණ්ඩුවට බලකරමින් සිදු කරනු ලැබූ උද්ගෝෂණයක් සංවිධානය කිරීම සම්බන්ධයෙන් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති අතර එළඹෙන මස 11වන දා දක්වා මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග ලබා දී තිබුණි.

ආණ්ඩුව විසින් සිය පෞද්ගලීකරණ ප්‍රතිපත්තිය ක්‍රියාවට නැංවීම වෙනුවෙන් එයට එරෙහි බලවේග සියළු උපක්‍රම භාවිත කරමින් මර්දනය කරමින් සිටින බව දිගින් දිගටම සිදුවන මෙවැනි අත්අඩංගුවට ගැනීම් සහ බන්ධනාගාරගත කිරීම් වලින් තහවුරු වේ.