தமிழ்
English
Contact
Saturday 4th May 2019    
රුහුණ සරසවිය දින නියමයකින් තොරව වසා දමා දින 10යි. | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

රුහුණ සරසවිය දින නියමයකින් තොරව වසා දමා දින 10යි.



රුහුණ සරසවිය දින නියමයකින් තොරව වසා දමා අද(17) වන විට දින 10ක් ඉක්මවා ගොස් ඇතත් මේ වනතෙක්ම අදාළ අත්තොනමතික තීරණය හකුලා ගැනීමට අවම මැදිහත්වීමක් හෝ කිරීමට පාලනාධිකාරිය ක්‍රියා නොකරන බව රුහුණ විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය චෝදනා කරයි.

පසුගියදා විශ්වවිදයාලයීය අන්තර් පිඨ ක්‍රීඩා තරගවලට පුහුණුවීම සඳහා සිසුවියන්ට ආරාධනා කිරීමේ සිදුවීමක් පදනම් කර ගනිමින් ක්‍රීඩා කිරීමේ සහ ශිෂ්‍ය නිදහස මුළුමනින්ම උල්ලංගනය කරමින් පාලනාධිකාරිය විසින් තාක්ෂණ පීඨයේ සිසුවියන් 4 දෙනෙකුගේ නේවාසිකාගාර අයිතිය අහෝසි කර දමා තිබුණි.

අදාළ අත්තොනොමතිකත්වයට සිසුන් එරෙහිවීම හේතුවෙන් පසිගිය 07වන දා තාක්ෂණ පීඨය වසා දමා එම සිසුන්ට සරසවි භූමිය තහනම් ප්‍රදේශයක් කිරීමට පාලනාධිකාරිය කටයුතු කරන ලදි. එම මර්ධනාකාරී ක්‍රියාමාර්ගය හරහා සිසුන්ගේ සංවිධාන ශක්තියට බලපෑමක් නොවීම හේතුවෙන් 8වන දින රුහුණ සරසවි වැල්ලමඩම පරිශ්‍රයෙ පිහිටි පීඨ 5ක් පදනම් විරහිතව හදිස්සියේ වසා දමා එම සිසුන්ටද සරසවි භූමිය තහනම් ප්‍රදේශයක් කර තිබුණි. අදාළ ක්‍රියාමාර්ග වලටද සිසුන් අවනත නොවීම හේතුවෙන් අධිකරණ නියෝග හරහා පොලිස් බලය යොදවා හෝ සිසුන් සරසවි භූමියෙන් ඉවත් කිරීමට උත්සාහ කලද එයද සාමුහිකත්වය හමුවේ ව්‍යාර්ථ විය.

අසාධාරණයට එරෙහිව ගෙන තිබූ සංවිධාන ක්‍රියාමාර්ග කිසිවකට බලපෑමක් කිරීමට ආණ්ඩුවේ වුමනාවන් වෙනුවෙන් සිදු කරන ලද මර්ධනාකාරී ක්‍රියාමාර්ග කිසිවකට හැකියාවක් නොලැබුණු අතර සිසුන් මේ වන විටත් අනේකවිද බාධා නොතකමින් තහනම්ව ඇති සරසවි භූමිය අසාධාරණයට එරෙහි අරගල බිමක් බවට පරිවර්තනය කරගෙන සිටී.

අවම තත්වයන් පවත්වාගැනීමට හෝ මහජන අරමුදල් හරහා සරසවි සඳහා ලබා දෙන ප්‍රතිපාදන පවා නැවත ආණ්ඩුවට ලබා දෙමින් ආණ්ඩුවේ උවමනාවන් වෙනුවෙන් පමණක්ම පෙනී සිටින පාලනාධිකාරිය විසින් සරසවි තුල තිබෙන අනේකවිද ප්‍රශ්න ගැටළු විසදීම වෙනුවට වෙනත් ගැටළු ඇතිකිරීමේ උපාය මාර්ගයක නිරත වෙමින් විසඳුම් ලබා දීම මඟහැරිමට කටයුතු කරන බවට රුහුණ විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය විසින් උපකුලපතිවරයා ප්‍රමුඛ පාලනාධිකාරියට චෝදනා කරයි.

සරසවි එහෙයියන්ගේ නිෂ්පාදනාගාර බවට පත් කිරීමේ ආණ්ඩුවේ වුවමනාවන් වෙනුවෙන් පාලනාධිකරීන් විසින් ශිෂ්‍ය නිදහස අහුරා දැමීමට ගත හැකි උපරිම ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවත් මෙවැනි සියළු අකාරයේ අසාධාරනයන්ට එරෙහිව සිදු කරන ලබන පැහැදිලි දිශානතියක් සහිත සංවිධානාත්මක මැදිහත්වීම් හරහා බලයට පත් වූ ආණ්ඩුව වලට අසාධාරණ සිය පන්තිමය අරමුණු කරා ලඟා වීමට නොහැකි බවත් ඉතිහාසය, වර්තමානය මෙන්ම ආනගතයද සාක්ෂි සපයනු ඇත.