Posted on 10.26.2017 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
සිරගත කර සිටින අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය හා භික්ෂු බලමණ්ඩලයේ කැදවුම්කරුවන් වන ටැම්පිටියේ සුගතානන්ද, ලහිරු වීරසේකර සහ කැලණිය ව්ශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමයේ සභාපති විශ්ව ධනංජය යන ශිෂ්‍ය නායකයන් නිදහස් කරන ලෙස බල කරමින් අද (26) කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට නිහඩ විරෝධතාවක් පවත්වන ලදී.
නිදහස් සෞඛ්‍ය සේවය ආරක්ෂා කිරීමටත් හා අධ්‍යාපනය විකිණීමට එරෙහිවත් සටන් කිරීම හෙතුවෙන් ඔවුන් සිරගත කරන්නට ආණ්ඩුව කටයුතු කර ඇති බව එහිදී ශිෂ්‍ය ක්‍රියාකාරිකයෝ ජනමාධ්‍ය අමතා ප්‍රකාශ කළහ. තමන් අධිකරණය ඉදිරියේ නිහඩව විරෝධය දක්වන්නේ ශිෂ්‍ය නායකයන්ට යුක්තිය ඉටු කළ යුකු බව අවධාරනය කිරිමට බව ඔවුහු ප්‍රකාශ කළහ. පසුගිය දිනවල අධිකරණයේදී මෙන්ම කොමිෂන් සභා ඉදිරියේ තහවුරු වූ ආකාරයට දැවැන්ත ලෙස මහජන අරමුදල් කොල්ල කෑවුන්ට ඇප ලබාදීමට කටයුතු කරද්දී අධ්‍යාපන අයිතිය වෙනුවෙන් සටන් කල ශිෂ්‍ය නායකයන් තවදුරටත් සිරගත කිරීම ඔවුන්ගේ මෙම නිහඩ විරෝධයට හේතු විය.
මෙම විරෝධතාවය සදහා ශිෂ්‍යයන් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අසළ සූදානම් වෙද්දී එතැනට ජලප්‍රහාරක රථයක් හා කැරලි මර්දන කණ්ඩායමක් පැමිණීමද විශේෂත්වයක් විය.
