Posted on 08.18.2017 by Lahiru Umayangana in දේශීය පුවත් with 0 Comments
වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැදවුම්කරු රයන් ජයලත් අගෝස්තු 23වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අද(18) දින මාලිගාකන්ද මහේස්ත්‍රාත් දුලානි එස් වීරතුංග නියෝග කරන ලදි.
සයිටම් අායතනය අහෝසි කරන ලෙස අාණ්ඩුවට බලකරමින් ජූනි මස 21 වැනිදා පැවති ශිෂ්‍ය විරෝධතාවයේදී සෞඛ්‍ය අමාත්‍යංශයට බලෙන් ඇතුළු වී එහි දේපල වලට රුපියල් ලක්ෂ 9කට ආසන්න අලාභානියක් සිදු කළ බවට සෞඛ්‍ය ලේකම්වරයා ඉදිරිපත්කර තිබු පැමිණිල්ලක් මත කැදවනු ලැබූ නඩුවේදී රයන් ජයලත් මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදී. රයන් ජයලත් ඇතළු ශිෂ්‍ය ක්‍රියාකාරින් 8 දෙනෙකු මෙලෙස විත්තිකරුවන් ලෙස නම් කර තිබූ අතර ඒ මින් පෙර අ.වී.ශි.බ.ම. කැදවුකරු ඇතුළු සිසු ක්‍රියාකාරීන් 5දෙනෙකු අත්අඩංගුවට ගෙන දින 40කට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණි.
පසුගිය ජූලි 29 වැනිදා වෘත්තිකයන්ගේ සංගම් ශාලාවට සාකච්ඡාවකට පැමිනි අවස්ථාවේ සුදු වෑන් රියක පැමිනි පිරිසක් රයන් ජයලත් පැහැරෙගන යාෙම් උත්සාහයක් ඒහි සිටි දේශපාලන ක්‍රියාකාරින් විසින් ව්‍යාර්ථ කරන ලදී. රයන් ජයලත් අධිකරණයට ඉදිරිපත් කිරිමට අවශ්‍ය නිසා ඔහු අත්අඩංගුවට ගැනීමට පැමිණියේ පොලිසිය බව පසුව ඒහි පැමිණි පොලිසි නිලධාරියකු පිළිගෙන තිබිණි. ඉන්පසුව සුදුවෑන්වල පැහැරගැනිම් සිදුකරන්නේ පොලිසියට චෝදනා නැගිනි.