தமிழ்
English
Contact
Wednesday 22nd May 2019    
මහා පරිමාණ සමාගම්වලට ලබා දෙන බදු සහන හේතුවෙන් වසරකට කොටි 25,000ක් රජයට අහිමියි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

මහා පරිමාණ සමාගම්වලට ලබා දෙන බදු සහන හේතුවෙන් වසරකට කොටි 25,000ක් රජයට අහිමියි



ආණ්ඩුව විසින් මහා පරිමාණ සමාගම් සහ ආයෝජන වෙනුවෙන් ලබා දෙන බදු සහන හේතුවෙන් වසරකට රුපියල් කොටි 25,000ක් රජයට අහිමි වන බව මහා භාණ්ඩාගාරය සිදු කල සමීක්‍ෂණයක් හරහා ගණන් බලා ඇති බව වාර්තා වේ.

මෙම පාඩුව ආසන්න වශයෙන් දල දේශීය නිෂ්පාදිතයෙන් 2% ක පමණ ප්‍රමාණයක් ලෙස සැලකේ.

ආයෝජන ගෙන්වා ගැනීමට බව පවසා ජාතික ආර්ථිකයට අහිතකර ලෙස සිදු කරන බදු නැවත ගෙවීම්, බදු සහන සහ බදු නිදහස් කිරීම් හේතුවෙන් මෙම තත්වය උද්ගත වී ඇති අතර පවත්නා ආණ්ඩු මෙම ක්‍රියාවලිය දිනෙන් දින තීව්‍ර වන පරිදි සිය බදු ප්‍රතිපත්තිය සකස් කිරීමට කටයුතු කරයි. මේ හරහා වාර්ෂිකව විශාල ජාතික සම්පත් ප්‍රමාණයක් මහා පරිමාණ සමාගම් වලට නිදහසේ ගාල යෑමට ඉඩ සලස්වා ශ්‍රම කොල්ලයට මෙන්ම දිවයිනේ පවතින සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තයද මුළුමනින්ම පරිහානිය කරා ගෙන යමින් සිටී.

මෙම ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කිරීමට සුදානම් වන නව දේශීය අදායම් පනත හරහා සෘජු බදු ඉහළ නංවන බව ප්‍රකාශ කර තිබුණද ඒ හරහා ද මෙම ක්‍රියාවලිය වඩා තීව්‍ර වන පරිදි මහා පරිමාණ ප්‍රාග්ධනය සඳහා නිදහස් ප්‍රවිෂ්ඨ වීමකට අවස්තා පුළුල් කිරීම අරමුණු කර ගෙන ඇති බව පැහැදිලිවම දක්නට ඇත.